
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කොටවිල පොලීසියේ පාලන අංශයේ හිටපු ස්ථානාධිපතිනී වරුනී බෝගවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පිරිසකට අයත්ව තිබු වාහන 12 ක් තාවකාලික පරිහරණය සදහා දකුණු පලාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය වෙත මුදා හැරීමට මාතර මහාධිකරණ විනිසුරු නන්දන අමරසිංහ මහතා නියෝග කළේය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ (2026 අංක 16 දරන පනතින් සංශෝධිත) 8(2) වගන්තිය ප්‍රකාරව මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබු එම වාහන වලට තහනම් නියෝග නිකුත් කර ඇති අතර එම පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව අදාළ වාහන සඳහා ප්රතිග්රහකයා ලෙස දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කරනු ලැබීය.
අදාල වාහනවල වටිනාකම අඩු නොවන ආකාරයට සහ නැවත පණ ගැන්වීමට නොහැකි තත්වයක් උදා නොවන පරිදි, එක් එක් මෝටර් රථය මසකට කිලෝමීටර් 3,000ක උපරිමයකට යටත්ව පමණක් ධාවනයේ යෙදවිය යුතු බවට ද ඒවායෙහි රක්ෂණ සහතික, දුම් පරීක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු නඩත්තු සහ සේවා කටයුතු දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය විසින් සිදු කිරීමට වගබලා ගත යුතු බවට ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් එහිදී නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ කාලෝචිත තීරණයක්. ලංකාවේ හැම උසාවියකම නඩු භාණ්ඩ හැටියට තියෙන ධාවනය කළ හැකි තත්ත්වයේ වාහන විනාශ වෙන්න නොදී, එම වාහන ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර වාහන නඩත්තු කරන ආයතනයකට වගකීම භාර දුන්නොත් හොඳයි. නඩත්තු කරන්න. එතකොට නඩුව අවසන් වී වාහනය මුදා හරිනකොට ධාවනය කළ හැකි තත්ත්වයෙන් තිබෙන නිසා අයිතිකරුට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපි රිමාන්ඩ් සිර මැදිරියක ඉන්න රැඳවියන්ට කෑම බීම දෙනවානේ. ඒ වගේයි. දැනට පොලිස් ස්ථානවල ගාල් කරලා තියෙන වාහන අව්වටයි වැස්සටයි විනාශ වෙලා තියෙන හැටි දැක්කහම බොහොම දුක හිතෙනවා. ඒක ලොකු අපරාධයක්. මුදල් නාස්තියක්. එය එසේ විය යුතු නැහැ. නීතියෙන් ප්‍රතිපාදන නැතිනම් අලුතින් නීති ඉදිරිපත් කරන්න පුළුවන්. පරණ නීතිවල එල්ලීගෙන ඉන්නවා මිසක් අලුතින් හිතන්න කාටවත් උවමනාවක් නැහැ. කාටවත් ගාණක් නැහැ. මෙහෙම අපි කොහොමද ඉදිරියට යන්නේ?
අවසන් නොවූ නඩුවක නඩු භාන්ඩ කුමන කොන්දේසි යටතේ හෝ අන් අයට පරිහරනයට අවසර දිය හැකිද? ඒකාධිපති තීන්දුවක්ද, කැකිල්ලේ තීන්දුවක්ද, රෝම ලන්දේසි තීන්දුවක්ද යන්න පැහැදිලි නැත.