IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා

(සුජිත් හේවාජුලිගේ )

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ

මේ ගැටලුව සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනටමත් දැනුවත් කර ඇත.

හෝටල් ක්ෂේත්‍රයේ දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇති බව වාර්තාවේ.

කළමනාකරණ සේවයේ සිට මුළුතැන්ගේ දක්වා සෑම අංශයකම සේවා පුරප්පාඩු විශාල වශයෙන් වැඩි වී ඇති හෙයින් මෙම අර්බුදය මතුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තරු හෝටල් වල පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල්වල රැකියා සඳහා පිටව යෑමත් හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදෙස් හෝටල්වල රැකියා අපේක්ෂාවෙන් සිටීමත් හේතුවෙන් මෙම අර්බුදය ඔඩු දුවා ඇත.

සේවක හිඟය හේතුවෙන් සංචාරකයන්ට නිසි ලෙස ආහාර පාන ඇතුළු සේවාවන් ලබාදීමේදී ගැටළු මතුව ඇතැයි වාර්තාවේ.

සංචාරකයන් පැමිණීම වැඩිවෙමින් පවතින වකවානුවක තරු පන්තියේ හෝටල්වල පහසුකම් සම්බන්ධයෙන් රජය මීට වඩා සොයා බැලිය යුතු බව එම ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පිරිසක් පෙන්වා දෙති.

 



අදහස් (8)

සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා

Lal Sunday, 25 February 2024 10:10 PM

ජනාධිපතිතුමන් උදාකළ මේ රටේ ස්ථාවරත්වය සංවර්ධනය... කිසිදිනක අමතක නොකරමු... රනිල් මැතිතුමා නැවතත් රටේ ජනාධිපති වේවා...! 

:       8       6

Ratavasiya Sunday, 25 February 2024 10:49 PM

බය වෙන්න දෙයක් නෑ. ඉන්දියාවෙන් එනවා කට්ටිය...!

:       3       2

sd Sunday, 25 February 2024 11:24 PM

රැකියා විරහිත තරුන තරුනියන්ට පුහුනුව ලබා දෙන්න

:       1       2

ලසන්ත Monday, 26 February 2024 05:51 AM

දේශපාලුවො රැකියා ප්‍රශ්නය විසදුම් වශයෙන් බොහෝවිට කරන්නෙ රජයේ සේවයේ පුරප්පාඩු නැතත් තනතුරු සකසා ඒවාට යැවීම පමණයි උදාහරණයක් හැටියට ගෝඨාභය නූගතුන් ලක්ෂයකට රැකියා දීම පෙන්නන්න පුළුවන් ඇත්තටම එම ලක්ෂයට මෙහෙම රැකියා සදහා පුහුණුවක් දීමට කටයුතු කලානම් කොපමණ හොදයිද මට ඊයේ පෙරේදා අහන්න ලැබුනා පාර්ලිමේන්තුවේ සිටින වයසක මංත්‍රී කෙනෙක් කොහොම හරි කෙනෙකුගේ දරුවෙකුට රජයේ රැකියාවක් දෙන්න පොරොන්දු වුනා කියලා ඒ වගේම තවත් කෙනෙක් කිව්වා ඔහුගේ දුවට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් දෙන්න දේශපාලුවෙක් පොරොන්දු වුනා කියලා ඇත්තටම දේශපාලුවො රැකියා ඉල්ලීම කරන දරුවන්ට යම් යම් පුහුණුවීම් සදහා යොමුකර රැකියා දෙනවා නම් කොපමණ හොදයිද ඇත්තටම රජයකට මෙහෙම පුරප්පාඩු සදහා උපාධිධාරීන්ට රැකියා දෙද්දී පුහුණුවක් දුන්නා වගේ පුහුණු කරන්න බැරිද

:       1       6

Lakmal Monday, 26 February 2024 08:41 AM

පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසා දමා එහි සේවකයන් මේ සදහා යොදවන්න

:       2       4

jayasekara Monday, 26 February 2024 10:49 AM

රජය රටේ මහජනතාව ගැන හිතලා එකසියගානට ගහන බදු ,විදුලි ,ජාල බිල ,අත්‍යාවශ්‍ය කෑම බීම වල මිල අඩු කරානම් මිනිස්සු රට යන්නේ නැහැ

:       1       10

Galkotuwe Gedara Suneth Hemantha Kumara Monday, 26 February 2024 11:17 AM

වැඩ කරන අයට හරියට පඩියක් ගෙවල වැඩකරන්න හරි ශිෆ්ට් එකක් හදල දීපල්ලා. උන්ව මරාගෙන කනවා දවසට පැය 15ක් 18ක් වැඩ ගන්නවා. service charge එක සාධාරණව බෙදල දීපල්ලා. එහෙම කරොත් කව්රුත් රට දාල යන්නෑ. ආයෝජන මණ්ඩලයත් හොයල බලන්න ඕනේ මේ හෝටල් කොහොමද සේවකයන්ට සලකන්නේ කියල.

:       2       10

fairoos Monday, 26 February 2024 02:36 PM

අනේ මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා රටට වෙච්චි දෙයක්.. මේක කාටත් තේරෙන්නේ නෑනේ...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site