
(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියාරච්චි)
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන නීතිඥවරියක ලෙස වෙස් ගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවූ පසුගිය පෙබරවාරි මස 19 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාසෙකුත් දින 14කි.
ඉෂාරා සෙව්වන්දි නමැත්තිය හොර රහසේ විදේශගත වන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද (21) පැවසීය.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයද හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දිගින් දිගටම පරීක්ෂණ පවත්වන බවයි.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදී මහෙස්ත්‍රාත් කංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කළාය.
එම ඉඩම් සිද්ධියට අදාළව හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාද මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මැයි මස 5 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණියේ නිවසට ඉකුත් මාර්තු මස 6 වැනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවසින් පලා ගොස් සිටියේය.
මේ අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවසේ සිට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී රණවීර මහතාගේ බිරිඳගෙන් සහ රියදුරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ අතර මෙම ඉඩම් සිද්ධිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ව්‍යාපාරිකයකු සහ නීතිඥවරයෙකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපියේ එක් තැනක තියෙනවා ප්‍රසන්න රනතුංග කියා.ඒක නිවැරැදි කරන්න.
සෙව්වන්දියේ ඔබ වෙනවාද මහමොලකාරි මහමොලකාරි අනෙකන්ගේ රුව පරදන රූපේ රූපේ පැන්නාද ඔබ රටෙන් මහමොලකාරි මහමොලකාරි
එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
හොරු, මිනීමරුවො ඔක්කොම රට පැන්නොත් බයි අපිට කාගෙ පිහිටද .!!!
නීතියට මුහුණ දෙන්න බයේ, කට්ටි පනින්නේ වරදක් කරලා තියෙන බව දන්න නිසානේ
මේ මාවතේ, හුණුපිටියේ ජපානයේ සමෘද්ධි දෙනකොටත්, ප්‍රසන්න හැම කුස්සියකටම යන කාන්තා ලෝලියෙක්. ෂුවර් දැන් එයා සෙව්වන්ධි එක්ක ඉන්නවා.
තේරෙනවා නේ, මාලිමාවුට අග මුල තෝරාගන්න බැහැ . ඉස්සර අපි කිව්වේ සිල්ලර කඩයක්වත් කරපු නැති උන්ට, වගකීමක් අරන් නැති උන්ට රටක් දෙන්න එපා කියල. දැන් වෙලා තියෙන්නේ මුන්ට මුන් කරන්නේ මොකක්ද කියල තේරුමක් නැහැ, වාසනාවට රටේ සිවිල් සේවාව හොඳයි, ඉතින් රජයේ සේවකයෝ අමාරුවෙන් බාධක මැද ඇදගෙන යනවා, එත් රජයේ නායකයෝ? උන් පිස්සු කෙලිනවා.
සෙව්වන්දි නං දැං ජීවතුන් අතර ඉන්න විදියක් නෑ ..මැටි පොර නං කොහේ හරි හුබහක් ඇතුලේ ඇති .වැහි කාලේ එනකොට ඒවි එළියට
වෙන්න බෑ. එකත් එකටම මාලිමාවේ ප්‍රබල ඇමති කෙනෙක්ගේ රැකවරණය යටතේ ඇති. සල්ලි දෙනවානම් ඕන කොන්ත්‍රාත්තුවක් බාරගන්න කට්ටිය
සෙව්වන්දිව ඝාතනය කළාද කියලා කවුද දන්නේ? සැකකාරිය සහ සාක්ෂි ඔක්කොම ඉවරයි. නඩුව විසිවෙයි. ඒක එහෙම වෙන්න බැරිද ?
ප්‍රසන්න රණවීර අලුත් අවුරුදු සමරන වීඩියෝවක් YouTube එකේ ප්‍රසිද්ධියට පත් කරලා තිබුණා. ඒ YouTube පුද්ගලයා දන්නවා ඉන්න තැන.
සමහරවිට දෙන්නම යෝගාගෙ ගෙදර හැංගිලා ඉන්නවද දන්නෑ?
බයියන්ගේ දැවෙන ප්‍රශ්ණ මේවා........
ලොක්කා කිව්වේ හැංගිලා ඉන්න අය අල්ලන්න පොලිසියේ මහත්තුරු යවන්නේ මොකටද? ඔහේ හිටපුදෙන් හැංගිලා. කවදා හරි එළියට එන්න ඕනෙ නෑ කියලා. ලොක්කගේ මොලේ තමයි මොලේ...