(නිමන්ති රණසිංහ)
කොළඹ බන්ධනාගාර මූලස්ථානය ට මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි
ඉකුත් දොළොස් වැනිදා ට යෙදී තිබූ සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර මූලස්ථානය සංවිධාන කර තිබූ උත්සව මාලාව සඳහා සහභාගිවීමට ගොස් ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද එලෙස බීමතින් ඇතුළු වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි .
බීමතින් සිට ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවද වාර්තා වේ.
එම සිර මැදිරිය තුළ එල්ටීටීඊ සිරකරුවන් අට දෙනකු සිට ඇති අතර ඉන් පස්දෙනකු එළියට ගෙන ඇති මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉන් දෙදෙනෙකු දණ ගස්සවා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර "උඹලා පාඩුවේ හිටියේ නැත්තං තොපි මරනවා " යැයි පවසා ඇතැයිද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි .
බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව කිසියම් හෝ අයෙකුට බන්ධනාගාරය තුළට තහනම් ද්‍රව්‍ය එහෙනම් අවි ආයුධ පිහි හෝ මත්ද්‍රව්‍ය රැගෙන යා නොහැකි අතර මේ රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරයට පැමිණ සිරකරුවන්ගේ සිර මැදිරිය අසලට යෑමෙන් විශාල විනාශයක් සිදු වන්නට ඉඩ තිබූ බවත් යම් හෙයකින් සිරකරුවන් එම පිස්තෝලය උදුරා ගත්තේ නම්, සිදුවන විනාශය සුළුපටු නොවන බවත් බන්ධනාගාර නිලධාරීහු පවසති.
සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි මෙම රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් 06 වැනිදා කොළඹ බන්ධනාගාර මූලස්ථානයටද ඇතුළු වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එදින කොළඹ බන්ධනාගාර මූලස්ථානය නවක බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීම් සිදු වෙමින් පැවති දිනයක් වන බවත්, මෙම රාජ්‍ය අමාත්‍යවරයා එම නවක නිලධාරීන් ඉදිරියට ගොස් ඔවුන්ට අවවාද අනුශාසනා දී ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මොනවා ඉතුරු වෙන්නද
බොහොම හොඳයි. කොටි ත්‍රස්තවාදීන්ට පිළිතුරු දෙන්න ඕනි... ඒ අයට තේරෙන භාෂාවෙන් තමයි. කොන්ද පණ ඇතිව වැඩ කෙරූ ගරු රාජ්‍ය ඇමැතිතුමාට අපගේ ආචාරය...
නම කියන්න බයද?
මූට නමක් නැද්ද ?
අනේ ඇයි දෙවියනේ අපේ රටට මෙහෙම උනේ.
සර් මොනවද බලමු කරන්නෙ වත්රත්තෙට...
විත්තිකරුවකු නිශ්චිත නැති තොරතුරක්. නියෝජ්‍ය ඇමතිගේ නම කියන්න, නැතිනම් මෙම ප්‍රවෘත්තියෙන් කිසිදු ජනතා සේවයක් නැති ඕපදූප හා මඩ ප්‍රහාර වැන්නක් හා සමානය.
අනේ අපේ මාධ්‍ය සදාචාරය කාටවත් කොන්ද පන නැහැ .ගියේ කවුද කියල නම කියල කියන්න. පොඩි මිනිහෙක් කලානම් අද කුඩුවෙත් දාලා . ජනාධිපති තුමනි ..... ජයවේවා
මේ බන්ධනාගාර නිලධාරීන්ට වගකීමක් ඇති ප්‍රකාශ නිකුත් කරන්න පෞර්ෂයක් නැහැ, නැත්නම් මාධ්‍යට වගකීම ගන්න කොන්දක් නැහැ. මේ දෙකම වැරදිනම් මේ දමන්නේ බොරු නිවුස් එකක්.
මමත් අවුරුදු ගණනක් හිරගෙදර වැඩ කෙරුවා ,ඒ දවස්වල මේ වගේ එකෙක් ආවනම් පයින් ගහලා එලියට ඇදලා දාන්නේ (කතරගම රූප සුන්දරී මාරුව කාලේ )
ඇයි මේ බුරුවාගේ නම දාන්නේ නැත්තේ ,පත්තර කාරයොත් කයිය ගැහුවට උනුත් මුන්ට බයයි
මේ සියළු දේශපාලකයින් සහමුලින්ම ප්‍රතික්ෂේප කළ හැක්කේ කවදාද?
අපි තමයි හොඳටම කළේ...
මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන රටවැසියා මහත් ඕනෑකමකින් බලා සිටියි.
සියලුම දේවල් නැතිවෙලා තියෙන අපිට ඒක බාරගන්න පුළුවන්...
එක රටක් .... එක නීතියක් .... කෝ..... ??? මහජනතාව විමසිල්ලෙන් .... !
රට නැත්තට නැතිවුණා, පාදඩ පාලකයෝ
එක රටක් එක නීතියක් කියලා රවට්ටලා බලය අල්ලපු නරි වාදම් කියන නාකි අන්දරේ මේව දකින්නෙ නැ..යලුවන්ට මිනිමරුවන්ට ඕනේ ජවුසමක් නටා ගන්න ඇරලා තියෙන්නේ
සෞභාග්‍යයේ දැක්ම, කාටත්ද නීතිය එකයි දරුවො. මීට සැර්
මානව හිමිකම් වලට ආදර්ශයකි
මේක කටකථා ගෙතීමක් විතරයි. ප්‍රවෘත්තියක් වීමට නිවැරදිව තොරතුරු වාර්තා කල යුතුයි. කට කතා පැතිරවීම වැලැක්වීමට නම සමඟ පල විය යුතුය.
නූගත් මී හරකෙකුට ,උට දරාගන්න බැරි තනතුරක් දුන්නහම ඕවා තමයි ප්‍රති විපාක
තුනෙන් දෙකක් ලබා ගත්තේ ඕවටනේ
එකම රටක් එකම නීතියක් බලාපොරොත්තුවෙන්, අතේ තිබුන රුපියල් සියය ත්‍රී වීලරයට ගෙවා, මාක්ස් දමා මීටරේ දුරින් පෝලීමේ සිට ගෙදරින් ගෙනා පෑනෙන් මොවුනට මනාපය දුන් බුද්ධිමත් ජහ මනයාට මිනිත්තුවක නිහඬතාවයක් පලකරමු !
එක රටක් එක නීතියක්.නම කියන්න බය මොක ද?සාමන්‍ය මිනිහෙක් නම් පොටෝත් දාලා .නමත් දාලා මෙලහට හිරෙත් දාලා.ඔය කියන ඇමතියා ඔයිට පෙරත් ඔහොම කලා.ඔක්කොම දැන් ගලේ පහරපු බළල්ලු වගේ.
සර් එක්ක ඕවා බෑ .අපිට දැන් කොන්ද කෙලින් නායකයෙක් ලැබුන නිසා කාටවත් වැඩිය දඟලන්න ලැබෙන්නේ නෑ
පුනුරුත්ථාපානය කරන්න ඕන එවුන්ට පුනුරුත්ථාපන ඇමති කම් දුන්නම ඔහොම වෙනවා.
සතොසෙන් ලොකු ලේන්සු බෙදන්නෙ කවද්ද ? අපිට එලාගෙන පාරේ හිඟා කන්න ආසයි..
නූගත්තු රජ උනාම ඔහොම තමයි .ඔය කියන අමතියත් කිසි උගත්කමක් නැති පිස්ටල් එකෙන් වෙඩි තියලා ගස්වල තියන ගෙඩි පවා කඩන අමන මෝඩයෙක් .අන්දසෙන පොරවන් බුදි
"ගහේ කටු උල් කල යුතු නැත". මේ සක්කිලියන් බැඳ දමන්න පුලුවන් අය එය කරනු ඇතැයි රටවැසියන් බලා සිටී..........
ඔන්න ඔහොමයි දැන් පාලනයෙ වැඩ සිද්ද වෙන්නේ, නේද ?
ඇමතිගේ නමවත් කීවා නම් තමයි හරි
ජනපති තුමනි ,ඔබ මෙයට වඩා තදින් මොවුන් පාලනය කල යුතුය .එසේ නැතහොත් රටවැසියන් පාලනය කරනු ඇත
මේ මිනිස්සු කරන්නේ මේ වගේ විශාල අවුලක් හදලා ලංකාවට එක්සත් ජාතීන්ගෙන් සම්බාධක ගෙන්න ගන්න .එතකොට ඒක පෙන්න පෙන්න ඊළඟ චන්දෙන් දිනන්න පුළුවන් නිසා
මේ කාලකන්ණි "පර බලු රාජ්‍ය ඇමතියාගේ" උඩ යට මාරුකළ යුතුය....
ඔය චණ්ඩියට නමක් නැද්ද ?ඔය සිරගෙදර සී.සී.ටී.වී.නැද්ද ?එක රටක් එක නීතියක් ,මේ දෙකම ඉවරයි
මේ ඇමතිගේ නම කියන්න කොන්දක් නැද්ද ?
මේකද සෞභාග්‍යයෙ දැක්ම??? අනේද කියන්නේ.....69 ලක්ෂයක් චන්දේ දිල මේවා දකිනකොට.....කෝ දැන් හාමුදුරුවෝරු.....මේවාට කතා කරල හීතිය කියල දෙන්න එපැයි.
උඩතලවින්නේ ඇත්තටම උනේ මොකක්ද කියල දැන් පැහැදිලියි.
නීතිය හැමෝටම එකයි කියලා කවුදෝ කෙනෙක් රුවන්වැලි සෑය ඉස්සරහා බෙරිහන් දුන්නා වගේ මතකයි.
මේවා දාන එක තමයි පුදුමේ...!!!
එල්ලුම් ගස් ගිය අය සංස්ථා සභාපති කම් කරන මේ කාලේ මේක සුළු දෙයක්.
"දුන්නොත් දඬුවමක් පසුදින වඩා ලොකු තැනක්..." ඕකයි තත්වේ...
ලොහාන් රත්වත්තේ
මිත්‍රවරුනි අපි අපිටම හෝ කියාගමු . හූ.......
මේ රටේ ඉන්න මිනිස්සු හොදම පාසලට ළමයා දාලා හොදම දොස්තර එනකන් චැනලින් පෝලිමේ, හොඳම පෙරකදෝරුවා අල්ලලා නඩු කිව්වට දේශපාලකයා තෝරනකොට ඕන කෙනෙකුට කියලා කතිරේ ගහනවා.