
(නයනජීව බණ්ඩාර,කේ.ඩී.දේවප්‍රිය)
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය කියයි.
බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.
අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ.
අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.
තමන් මුහුණ දුන් ත්‍රාසජනක සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර මහතා මෙසේ කීය.
බිබිලේ ජනතා සේවයකට ගොස් ආපසු එන අතර තුර හිතාගන්නවත් බැරි විදුහට එකවර සුනාමියක් වගේ ජල කඳක් ආවා. අප ගමන්ගත් ජීප් රථය කැරකැවුණා. මා දනගත් අනතුරක් කියල. රියදුරාටත් සහායකයා සමග ජිප් රියෙන් පැනගත්තා. අඩි හතරක පමණ ජල කඳකට අපි පැන්නේ. ඒ එක්කම ජිප් රථය අඩි 100ක් පමණ දුරකට දිය යටින් ගහගෙන ගියා. ගහක පැටලිලා තිබුණු ජිත් රථය පැයකට පමණ පසුව සොයාගත්තා. මේ වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. ඒක හරිම ත්‍රාසජනක අවස්ථාවක්.
කේ.ඩී.දේවප්‍රිය

COMMENTS
වාර්තාවේ අන්තිම කොටස බලනකොට වැඩක් නැහැ කියලා හිතුණා.
මොන මෝඩයින් ටිකක්ද ඕක බේරගත්තේ? රටට මේ වගේ වාසනාවන්ත අවස්ථාවක් එන්නේ කළාතුරකින්.. අපරාදේ....
අවසාන කොටස කියවනකල් හිතාන හිටියේ අපි වාසනාවන්තයි කියලා. දැන් අලුත් ඩිෆෙන්ඩර් එකක් අපි අරන් දෙන්නම්.
අපරාදේ...
මේ දිනවල අනතුරු, විපත් වැඩියි නේද? දැන්වත් වන විනාශය, කොරෝනා ව්‍යාපාරයක් කරගැනීම වගේ දේවල් නැවත්තුවොත් හොඳයි නේද?
සිංහරාජේ කපලා වැව් හදන්න යන කොට සොබා දහම කම්පා නොවී තියෙයි ද මහත්තයෝ
ඔය පටන් ගත්තා විතරයි. ඊළඟ ත්‍රාසජනක අත් දැකීම එන්නේ උඩින්.
ඩිෆෙන්ඩර් නෙමෙයි හැමර් එකකටවත් බැහැ වතුරෙ යන්න. ටයර් වල තියෙන්නේ හුළං.. වතුර වැටිච්ච ගමන් පාවෙන්න බලනවා. ඉන් පස්සේ සෙල්ලම් බඩු වගේ...
ස්වභාව ධර්මයට විනකරන අයට ස්වභාව ධර්මයම දඬුවමි කරනවා.ඔය ආරම්භයක් විතරයි පුතේ.
කියන බොරුත්, කරන වැඩත් නිසා මෙවැනි දේ වෙනවා. ස්වභාව දහම කෝපවෙලා ඔහෙලගේ වැඩ ගැන දේශපාලන සුනාමියක් අතළඟ බව අනතුරු ඇඟවීමක්..
සුනාමියෙන් බාප්පත් ගොඩ ගියානේ...
අනේ ගහගෙනම ගියා නම්...!!!
වතුරෙන් ගසාගෙන ගිය නිසා ජලමුලාශ්‍රයක් වන සිංහරාජේ වැවක් හදලා ගංවතුර නවත්තමු. එතකොට මගේ පුතා ආයේ ගසාගෙන යන්නේ නැහැ. වසර දහස් ගණනක් පැරණි, හිතාගන්නවත් බැරි ජෛව විවිධත්වයක් තියෙන, කැලේ වැවකට කපා හැරලා සිංහරාජේ වෙනුවට රබර් ගස් ටිකක් හිටවමු. මීට අප්පච්චි...!
මෙයා කියනවා අඩි දෙකහමාරක් උසට වතුර තිබුණා කියලා, එච්චර වතුරක තමන්ගේ පුද්ගලික වාහනය දානවද? එච්චරද උස වතුරක ගලායන සැඩ පහරක වාහනයක් ධාවනය කරන්න බැරි බව පොඩි ළමයෙකුට වුවද වැටහෙනු ඇත. මේ වාහන වලට අලාභයත් අපිම ගෙවමු, මෙයා අයිමත් ඕකේ යාවිද? කතරගම දෙවියොලු බේරගත්තේ..
සුනාමිය ඇස් දෙකෙන් දැක්කා නම් අර හාවා සිංහයාට කියපු කතාව කියයි. තල් කොලේට වැටුණ තල් ගෙඩිය වගේ....
ස්වභාව ධර්මය විනාශ කරන පරම්පරාවකට මේ ස්වභාව ධර්මය විසින් දෙන දඬුවමක පෙර නිමිත්තක්, අසුබ ලකුණක් පරම්පරාවට..
ස්වභාව ධර්මය දඬුවම් කරන්න පටන් අරගෙන. රාජපක්ෂලාට ගැලවිල්ලක් නෑ. තාත්තාට කියන්න සිංහරාජයේ තවත් වැව් හදන්න කියලා.