(නිමන්ති රණසිංහ)
ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සාක්කිකරුවෝ සැකකරුවන් තිදෙනා අද හඳුනාගනු ලැබූහ.
හඳුනාගැනීමේ පෙරට්ටුව සදහා සාක්ෂිකරුවන් වශයෙන් ව්‍යාපාරික සුදර්මා නෙත්තිකුමාර, ඇයගේ සේවිකාව, රියැදුරු සහ මියගිය මෙහෙකාරිය සේවයට ලබාදුන් බ්‍රෝකර්වරයා ඇතුලු පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අනුව සැකකරුවන් තවදුරටත් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණී.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිකඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක අජිත් කුමාර, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමචන්ද්‍ර බස්නායක, ගාමිණී ජයසිංහ සහ පොලිස් කොස්තාපල් මාලිංග ජයවර්ධන යන අයවලුන්ය.
COMMENTS
දැන් එතකොට සුදර්මා සාක්කි කරුවෙක්ද?
සුධරමා නෙත්තිකුමාර. හොඳට අහල පුරුදු නමක් නෙව.
පොලිස් නිලධාරීන්ට කිසිවෙකුටත් පහරදීමට නොහැකිය. එය නීති විරෝධිය . සැකකරුවෙකු ලෙස තම අත් අඩංගුවට පත්වන්නේ තමන් මෙන්ම මනුෂ්‍යයෙකුය යන්න තේරුම්ගැනීමට නොහැකි මෙවැනි අය මිනිසත්කමට ලැජ්ජාවකි . තමන්ගේ මෝඩ චූන් දැන් විඳවපල්ලා . අර කිසි වරදක් නොකළ උඹලගේ පවුල්වල අයටත් විඳවන්න ලැබුණු එකයි අපිට දුක. මේවගේ හස්රෙන අනිත් යටත් මේවා පාඩම් .