
(මනෝප්‍රිය ගුණසේකර)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය ඔහුට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට අද නියම කළාය.
පෞද්ගලික නාලිකාවකට මීට වසර 08කට පෙර කළ ප්‍රකාශයකින් සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ දිසා විනිසුරුවරිය අදාළ වන්දිය නියම කළාය.
තමාට කල අපහාසට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මීට වසර 07කට පමණ පෙර ගල්කිස්ස දිසා අධිකරණයේ නඩු පවරා තිබිණී.
තමා බැදුම්කර ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බවට වගඋත්තරකාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් එම මාධ්‍ය මඟින් එදින ප්‍රචාරය කර ඇතැයිද සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ එම ප්‍රකාශය අසත්‍ය යැයිද සඳහන් කරන පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා තමා සම්බන්ධයෙන් කළ එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍යයේ පළවීමෙන් තමන්ට අපහාසයක් වී ඇතැයිද සඳහන් කර ඇත.
COMMENTS
‘ෆුට් නෝට්’ කල්ලිය හෝ සාමාජිකයන් පිලිබඳව පළමුව අදහස් හෝ චෝදනා මතුවුයේ පාර්ලිමේන්තුව තුලය.
අර්ජුනගෙන් ලක්ෂ දහයක් බැංකුවෙන් ගත්තේ රියදුර යවලා. අධිකරණයට මේවා වාර්තා වෙලා නෑ වගේ. අමාත්‍යතුමාට මහඅධිකරණයට යන්න පුළුවන්.
එයා තාම ඇමැති ද මේ රටේ? ඇයි හිටපු ඇමැති කියල ලියන එක අවුල්ද
දැන් ඉතින් යාළුවොනෙ ඕක ෂේප් කරගන්න.
ඡන්ද ගන්න හොරු හොරු කියමින් ඒවාට නිසි ක්‍රියාමාර්ග නිසි වේලාවට ගැනීම කල්මරමින් සිටින එකේ ප්‍රතිඵල....
ඔය එක එකාගේ ගනුදෙනු වලින් අපට වැඩක් නැහැ.. කෝ අර තක්කඩි නීතිපතියගේ අසික්කිත නීතිය සම්බන්ධව කැලෑ පත්තරේ ලිපි පලවෙන්නේ නැද්ද..? ජනාධි පති ඇතුළු ආණ්ඩුව මේ ගැන නිහඬද..? එහෙම නම් උඹලටත් දෙවියන්ගේ ශාපය වැදී වැඩි කලක් මේ රට පාලනය කරන්න ලැබෙන්නේ නැහැ... එක අතකට මේ නරා වලේ මොකා රජ උනත් අවලම් කම් ඉවර වෙන්නේ නැහැ... මෙවුන් ජානගත අධමයින්... ලසන්ත වික්‍රමතුංග ව ඝාතනය කලේ මිග් යානා ගනුදෙනුව ගැන හෙලිකල නිසා කියල මේ රටේ අවලම් බල්ලෝ දන්නෙම නැද්ද..? තව මරාපියව්!!!!
ඉහින් බොරුවක් නෙමෙයි, ෆුට්නෝට් විතරක් නෙමෙයි, මේ යකා ඇත්ත නැත්ත කියලා පොතකුත් ගැහුවානේ. මහ බැංකු හොරකම සාධාරණය කරලා. හැබැයි ඔයා යෝදයා විවාදෙකට ආවත් පැරදිලා එනවා නම්, අර පොඩි ළමයි රණ්ඩු වෙනකොට අම්මා තාත්තට කියන වගේ, පොඩ්ඩ ඇත්තනම් ඔය යකා කියන්නේ "මං නඩු දානවා" කියලා.