
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස අනුරාධ ජයරත්න මහතා පිළිගන්නා ලෙස ඉල්ලමින් ලිඛිත දැනුම් දීම අද (2) රාත්‍රියේ කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාට යොමු කිරීමට පියවර ගැනුණි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ අද පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඉහත තීරණයට එළඹියේය.
නීතිඥ අනුරාධ ජයරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ පුත්‍රයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, ලෝකෙම ඉන්න හොඳම මුදල් ඇමතිව හරියන්නෙ නැතෙයි?
ජයරත්න පවුලෙ දායාදයක් කරගෙන ඉන්න, මහා පරිසර විනාශයක් කරන අම්බුලුවාව ගැන පරික්ෂනයක් කරන්න . රජයේ ඉඩම් පවා අවභාවිතා කර ඇති බවට තොරතුරු එමටයි
"හිටපු ඇමති තුමාගේ පුත්‍රයාය." වරප්‍රසාද ලත් පවුල් වාදයට ජයවේවා.!!!
මරු වරප්‍රසාද වලට මුවා වී අම්බුළුවාව රැකගන්න