
ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 බේරා ගැනීම ආරම්භ වී තිබේ.
කම්කරුවන් බේරා ගැනීම සිදුවන්නේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක් විදීමෙනි.
එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවෙමින් පවතී.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය.
බේරා ගන්නා පිරිස සදහා ගිලන්රථ පමණක් නොව හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉතින් අදානි ලාගේ සහ අපේ වැඩ තමයි -කොහොමද අදානි මේ වගේ දුර්වල වැඩ කරන්නේ රජයේ අධාර ඇතුව තමයි