
(අංජුල මහික වීරරත්න)
දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් ඇතුලත තමාට ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම් පියවර ගන්නා බව ද රත්නායක මහතා පැවසීය.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවති සාකච්ඡාවේදීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
COMMENTS
ගොඩක් හොඳයි...!