(ඩයනා උදයංගනී)
පාසැල්, උපකාරක පංති, දහම් පාසැල්, පෙර පාසැල් සහ විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට උපදෙස් ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කිසිඳු සහයෝගයක් නොදෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාකලාපය සහ වගකීම ඔවුන් විසින් අමුවේම උල්ලංඝනය කරමින් සහ පටලවාගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ජනතාවගේ අදහස්වලින් පෙනෙන්නට ඇත. කොරෝනා ආරම්භයේ පටන් මොවුන්ගේ ක්‍රියාකලාපය ඉතාම අනුවේදනීය වේ. කොරෝනා ආරම්භයේ සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගකීම මාධ්‍ය ප්‍රකාශ වලට සීමා කිරීමට තරම් ඔවුන් පහත් තත්වයට පත්ව තිබේ. නිදහස් අධ්‍යාපනයෙන් උගත්.. මොවුන් රටේ ජනතාව වෙනුවෙන් සහ ජනතාවගේ සෞඛ්‍ය සේවා සම්බන්ධව වගකීමක් දැරිය යුතුවේ. මෙවැනි වසංගත අවස්ථාවකදී පවා රජයට සහයෝගය ලබාදීමට පවා මග හරිමින් රජයට දෝෂාරෝපණය කිරීමෙන් ඵලක් නොමැත. පසුගිය වසර 10 තුළ රජයේ වෛද්‍ය සංගමය ක්‍රියාකලාපය අධ්‍යයනය කළහොත් මොවුන් ක්‍රියා කර තිබෙන්නේ ඉතාම නින්දිත ආකාරයට වේ. රජයේ වෛද්‍ය සංගමය ඔවුන්ට නියමිත රාජකාරිය පසෙක දමා රට තුළ පවතින ඕනෑම අර්බුදයකට මැදිහත්ව වීරයන් සේ හැසිරීම නිසා වෛද්‍ය වෘත්තියේ තිබෙන්නා වූ ගරුත්වයද මොවුන් නැති කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට උත්සාහ කිරීමෙන්ම පෙනීයනුයේ මොවුන්ගේ නොහැකියාව වේ..
"අපි තමයි හොඳටම කෙරුවේ. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නෑ " මතකෙයි පුච්චා නම් කතාව?
තවමත් පන්සල්, පල්ලි, කෝවිල්වල ලවුඩ්ස්පීකර් දානවා උදේ, හවස... ඒ සද්දෙට මිනිස්සු එම ස්ථානවලට එනවා.
ඒ්ක හොදයි