
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය මීඔය ප්‍රදේශයෙ 50 හැවිරිදි තිදරු මවක් වන ජයසිංහ මුදියන්සේගෙ ලාලනි නැමති කාන්තාවකි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වි සිටි මෙම තිදරු මව මැදපෙරදිග ගෘහ සේවයට ගොස් මාසයකට පෙර ලංකාවට පැමින ඇති බවත් එහිදි වැඩිමහල් දියණිය සමග ඇගේ නිවසේ වාසය කරමින් සිට ඇති බවත් කියයි.
එහිදි අවස්ථා කිපයක් දියණියගේ නිවසට පැමිනි සැමියා තමන් සමග වාසයට නිවසට පැමිණේන ලෙස දන්වා ඇතත් ඔහු නිරන්තරයෙන් දැඩි ලෙස මත්පැන් පානයටත් අඩ දබර කර ගැනිම සිදුවන නිසා එහි යාම ප්‍රතික්‍ෂේප කර ඇති බව කියයි.
කෙසේ වෙතත් ඊයේ (8 ) දියණියගේ නිවසට කඩා වැදුන මෙම සැකකරු පොරෝවක් ගෙන බිරිද පසුපස එලවමින් එයින් පහර දී ඇති බවත් මව බේරා ගැනිමට පැමිනි 30 හැවිරිදි දියණියට ද පොරෝවෙන් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
m. saman perera Monday, 10 February 2025 09:33 AM
හරිම කනගාටු දායක මරණයක් ඔබට නිවන් සුව ලැබේවා
Lalla Monday, 10 February 2025 10:45 AM
පින්තූරය දැක්කම විඳල තියෙන දුක් කරදර පේනව නේද? කාලකන්නින්ට මිනිස්සුන්ට පවුල රැක බලාගන්න බැරිනම් කසාද නොබැඳ ඉන්න නීති ඕන නේද? වෙන අවශ්‍යතාවලට ඉතින් ඩයනගේ යෝජනාව තමා හරි... නීතිගත ගණිකා වෘත්තිය...සදාචාරය දෝරේ ගලන කතා ඔක්කොම බොරු...
රුවන් Monday, 10 February 2025 11:18 AM
ලංකාව කියන්නේ ලෝකයේ මානසික පීඩනය වැඩිම, මානසික රෝගීන් වැඩිම රටක්. අපි හැමතිස්සෙම අනිත් රටවල් වලට බැන්නට ලංකාව අප්‍රිකාවේ දුප්පත් රටවල ඉන්න මිනිස්සුන්ට වඩා අන්තියි. රටේ 70% නමට බෞද්ධ. එකට තායිලන්තයේ සමාජයේ දිහා බලන්න. බොරු අටෝප නෑ.