
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම කල්අඩිය මීඔය ප්‍රදේශයෙ 50 හැවිරිදි තිදරු මවක් වන ජයසිංහ මුදියන්සේගෙ ලාලනි නැමති කාන්තාවකි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්වි සිටි මෙම තිදරු මව මැදපෙරදිග ගෘහ සේවයට ගොස් මාසයකට පෙර ලංකාවට පැමින ඇති බවත් එහිදි වැඩිමහල් දියණිය සමග ඇගේ නිවසේ වාසය කරමින් සිට ඇති බවත් කියයි.
එහිදි අවස්ථා කිපයක් දියණියගේ නිවසට පැමිනි සැමියා තමන් සමග වාසයට නිවසට පැමිණේන ලෙස දන්වා ඇතත් ඔහු නිරන්තරයෙන් දැඩි ලෙස මත්පැන් පානයටත් අඩ දබර කර ගැනිම සිදුවන නිසා එහි යාම ප්‍රතික්‍ෂේප කර ඇති බව කියයි.
කෙසේ වෙතත් ඊයේ (8 ) දියණියගේ නිවසට කඩා වැදුන මෙම සැකකරු පොරෝවක් ගෙන බිරිද පසුපස එලවමින් එයින් පහර දී ඇති බවත් මව බේරා ගැනිමට පැමිනි 30 හැවිරිදි දියණියට ද පොරෝවෙන් පහර දී බරපතල තුවාල සිදුකර ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කනගාටු දායක මරණයක් ඔබට නිවන් සුව ලැබේවා
පින්තූරය දැක්කම විඳල තියෙන දුක් කරදර පේනව නේද? කාලකන්නින්ට මිනිස්සුන්ට පවුල රැක බලාගන්න බැරිනම් කසාද නොබැඳ ඉන්න නීති ඕන නේද? වෙන අවශ්‍යතාවලට ඉතින් ඩයනගේ යෝජනාව තමා හරි... නීතිගත ගණිකා වෘත්තිය...සදාචාරය දෝරේ ගලන කතා ඔක්කොම බොරු...
ලංකාව කියන්නේ ලෝකයේ මානසික පීඩනය වැඩිම, මානසික රෝගීන් වැඩිම රටක්. අපි හැමතිස්සෙම අනිත් රටවල් වලට බැන්නට ලංකාව අප්‍රිකාවේ දුප්පත් රටවල ඉන්න මිනිස්සුන්ට වඩා අන්තියි. රටේ 70% නමට බෞද්ධ. එකට තායිලන්තයේ සමාජයේ දිහා බලන්න. බොරු අටෝප නෑ.