(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල මූලික රෝහලේ පැවති වෛද්‍ය සායනයකින් ප්‍රතිකාර ලබා නිවසට යාමට තංගල්ල මහවෙල පාරේ රෝහල් හන්දිය අසලින් පාර මාරුවීමට තැත් කළ කාන්තාවක් අද (13) සවස 4 ට පමණ ලංගම බස් රථයක හැපී මිය ගිය බව තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත නැගෙනහිර ,යායවත්තේ පදිංචිව සිටි මොරටු හේවාගේ සුරංගිකා නමැති 42 හැවිරිදි තිදරු මවකි .
ඇයගේ සැමියා ධීවර කාර්මිකයකු ලෙස රැකියාව කරන අයෙකු බව පොලිසිය පැවසීය.
කාන්තාව අනතුරට පත් කළ ලංගම බස් රථය කොළඹ සිට කතරගම දක්වා ධාවනය වු අම්බලන්තොට ලංගම ඩිපෝවට අයත් බස් රියකි.
බස් රියේ හැපුණු කාන්තාව සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරු යහතින් ඉන්නවාද?
ඇයට යලි පණ දෙන්න ක්‍රමයක් නැද්ද? අයියෝ දෙයියනේ දරුවෝ තුන් දෙනෙක්
මේ වගේ මහපාරේ මැරෙන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ක්‍රමයක් හදන්න. නැතිනම් බල්ලෝ බළල්ලු ගාණට මිනිස්සු මරලා දාලා රියදුරන් බය නැතිව මිනිස්සු යට කරාවි. මගේ බිරිඳ මිය ගියෙත් මේ හා සමාන සිද්ධියකින්... මට තාම සාධාරණයක් වෙලා නෑ. බස් ඩ්‍රයිවර් තවම වැඩ..