
ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී ඇත.
39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන්, එම අනාවරණයෙන් පසු, ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී, රුසියාවේ ජීවත් වෙයි. ඒ, වසර 9 ක් තිස්සේය. ස්නෝව්ඩන් ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ස්නෝව්ඩන් ඔහුට ලැබුණු රහස් තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීය.
ස්නෝව්ඩන්ට පමණක් නොව, ඇමෙරිකාවේ උදහසට ලක් වී, රුසියාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ද ඇතුළු තවත් විදේශිකයන් හැත්තෑ දෙදෙනකුට පුරවැසිභාවය පිරිනැමීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේක තමයි ඇමෙරිකන් පැටිකිරියේ සත්‍යතාවය...!
ඇමෙරිකාවේ උද්දච්ච, මහන්තත්ව ගාම්භීරත්වය හෝදලා දැම්මේ මේ අයයි. අද ඇමෙරිකාවට යුද අපරාධ, මානව හිමිකම් ගැන කතා කරන්න මේ අය ඉඩතියලා නැහැ. කණගාටුයි, ඒත් ඇත්තයි.