(ඩී.ජී.සුගතපාල) 

උඩුගම පොලිස් වසමේ හිදෝවිට ප්‍රදේශයේදි  ස්කැවේටර් යන්ත්‍රයක් පෙරලි  අද (8)  සවස පුද්ගලයෙකු  මියගිය බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම  බංගම පාර පදිංචි එදිරිසිංහ ආරච්චිගේ ප්‍රේමසිරි නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.

මේ දිනවල ආණ්ඩුව විසින් දිවයින පුරා පත්වාගෙන යනු ලබන “අත්තම “නමැති පවිත්‍රතා වැඩ සටහනට සමගාමිව බංගම පාර බණ්ඩියදොල පාලම අසල පිරිසිදු කිරිම සඳහා ගාල්ල වාරි මාරග දෙපාරතමේන්තුවට අයත් ස්කැවේටර් යන්ත්‍රයක් ගෙනැවිත් ඇත.

වැඩ කටයතු අවසන්විමෙන් පසු එම ස්කැවේටර් යන්ත්‍රය ලොරියට පැටවිමට යාමේදි එය පෙරලිගොස් ඒ අසල සිටි මියගිය පුද්ගලයාගේ හිසේ වැදි ඇති අතර බවත් ඒ සමගම ඔහු එම ස්ථානයේම මියගිය බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ස්කැවේටර යන්ත්‍රයේ ක්‍රියාකරු අත් අංගුවට ගෙන ඇති අතර උඩුගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.