IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’

(අංජුල මහික වීරරත්න)

සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රැපියල බාල්දු කරන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

රථ වාහන ආනයනය කළ යුත්තේ රුපියල බාල්දු නොවන ආකාරයට බව කී මන්ත්‍රීවරයා රුපියල බාල්දු වුවහොත් නැවත ශක්තිමත් කිරීම සඳහා බදු වැඩි කිරීමට සිදුවන බව කීය.

ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විධිමත් කාර්යභාරයක් සිදුකළ යුතුව ඇති බව කී කරුණානායක මහතා ඉන්දියාව,චීනය,ඇමරිකාව,යුරෝපය,ජපානය,යන රටවල් සමග එක්ව විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව සඳහන් කළේය.

කළ යුත්තේ ජේ.ආර් අනුගමනය කළ විවෘත ආර්ථිකය ඉදිරියට ගෙන යාමක් බවද කරුණනායක මහතා සඳහන් කළේය.

ආනයන තරමටම අපනයන දියුණු නොකළහොත් රුපියල දෙදරන බවද කරුණානායක මහතා කීය.

 



අදහස් (18)

’’සුළු පිරිසක් සතුටු කරන්න ගිහින් රුපියල බාල්දු කරගන්න එපා’’

karolis Thursday, 16 January 2025 02:49 PM

ඔව්වා කියලා වැඩක් නෑ... බත් කන හරකුන්ට...!

:       105       10

පොරෝලිස්Thursday, 16 January 2025 07:21 PM

කරෝලිස් ගොයියා කියන්නේ තමුන් ගැන හිතලා වෙන්නැති...!

:       4       94

CHANDANA fThursday, 16 January 2025 07:56 PM

හරකෙක් තමා කිව්වේ

:       1       13

Lakmal Thursday, 16 January 2025 03:19 PM

හොඳටම කරන්නේ ඔයගොල්ලෝ, දැන් යාවත්කාලීන කිරිම් අනවශ්‍යයි

:       10       75

BandulaThursday, 16 January 2025 04:14 PM

අනේ උපදෙස් දෙන්න කළින් බැඳුම්කර සිද්ධිය ගැන හිතුවානම් නරකද? ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියනවනේ...!

:       1       80

karolisThursday, 16 January 2025 07:54 PM

පොරෝලිසෝ ගිලපු ලනු ගුද මාර්ගයේ හිරවෙලා අමාරු ය?

:       3       3

ටකරන් හොරා Thursday, 16 January 2025 03:40 PM

මට මතකයි. මෙයා ගියපාර මුදල් ඇමැති වෙනකොට එක සුමානෙන් ගෙදර තිබ්බ පරණ වාහන අයින් වෙලා, අලුත් සුඛෝපබෝගී වාහන මෙයාටත්, ගෙදර කට්ටියටත් ගෙනාවා. (ඒවා ගත්තේ කොහොමද කියන එක වෙනම කතාවක්) එහෙම කුහකයින් තමයි මේ අනිත් මිනිස්සු වාහන ගන්නවාට බාල්දි දාන්නේ...

:       7       102

විපරමා Thursday, 16 January 2025 03:42 PM

තමුන් මුදල් ඇමැතියා වෙලා ඉන්න කාලේ කරපු හරිය හොඳටම ඇති. දූෂිත වැඩ කරපු හැටි දන්නෝ හොඳාකාරවම දනිති.

:       8       95

පිටරටවැසියා Thursday, 16 January 2025 04:03 PM

ලෝකෙ ඉන්න හොඳම මුදල් ඇමැති, හොරෙන් දියවන්නාවට රිංගලා, කාලෙකට පස්සේ කට ඇරලා... ඒත් ඇයි මෙයා JR ගැන කියවන්නේ? එතකොට පළපුරුදු සීයා අනුගමනය කරපු ප්‍රතිපත්ති වැඩකට නැතෙයි?

:       1       80

බැංකු හොරා Thursday, 16 January 2025 04:07 PM

මහ බැංකුව කොල්ලකාලා, සතොස නැතිභංගස්නථා කරලා, මහල් නිවාස පගා ගත්තු කෙනෙක් කියන කතා...!

:       1       67

පොඩිඑකා Thursday, 16 January 2025 04:08 PM

රටම බාල්දු කරපු උන්දැ කියන කතා.

:       1       63

Rata Perata Thursday, 16 January 2025 05:15 PM

දැන්වත් කට වහගෙන ඉන්න හලෝ. මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව...

:       1       62

විජිත් Thursday, 16 January 2025 05:29 PM

මේ හලෝ , ඔයා නිකම්ම නිකම් පින් මන්ත්‍රී කෙනෙක් විතරයි. අඩුම ගානේ මහජන ඡන්දයෙන් දිනලා ආපු කෙනෙක් නම් ටිකක් අහන්නවත් තිබුණා. ඔයාගේ ආර්ථික උපදෙස් මේ ආණ්ඩුවට අවශ්‍ය නැහැ. අර හොරාට ගත්තු එපාර්මන්ට් එකේ නඩුවේදී "මට මතක නැහැ" කියපු ඔබ වගේ අන්කුට්ටන්ගේ උපදෙස් ගන්න තරම් මේ ආණ්ඩුව මෝඩ නැහැ. ඔයාගේ නඩු ඔක්කෝම ආපහු එළියට ගන්නවා ළඟදීම...

:       3       55

Mahajanathawa Thursday, 16 January 2025 05:30 PM

ඔවුන්ට ඔබේ උපදෙස් අවශ්‍ය නැත. ඔබේ හැකියාවන් සහ ඔබ ඉතිහාසයේ අපගේ මුදල් සොරකම් කළ ආකාරය අපි දුටුවෙමු.

:       1       53

Pradeep Kumara Thursday, 16 January 2025 06:29 PM

නොදන්න නිසා අහන්නේ, එතකොට JR කෙරුවේ ආනයන තරමට අපනයන දියුණු කරපු එකද? ඔය විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා දේශීය කර්මාන්ත මොනතරම් ප්‍රමාණයක් වැහිලා ගියා කියලා දන්නවාද? ආයේත් රටට කෙලවන්නද කල්පනාව...?

:       2       47

ජයනාත් Thursday, 16 January 2025 08:57 PM

විවෘත ආර්ථිකය පටන් ගන්න කලින් රුපියල සහ ඉන් පස්සේ රුපියල ට මොකද වුනේ කියල බලලද ඔය කියන්නේ .

:       2       7

Asoka seneviratne Friday, 17 January 2025 07:06 AM

මේ පුද්ගලයා දූෂණයට වගකිව යුතු තවත් තක්කඩියෙකි. මේ තක්කඩියා කියන දේ අහන්නේ කවුද දෙයියනේ! Piss off!

:       1       9

Abid Friday, 17 January 2025 01:39 PM

මෙයා මොන දේවල් කරලා තිබුණත් මේ කියන කතාව හරි. අමාරුවෙන් රට යන අවස්ථාවේ මුදලාලිලා සතුටු කරන්න වාහන ගෙන්වන එක හොඳ වැඩක් කියලා කියන්න බැ. වාහන නොගෙන්නුවා කියලා මේ වෙලාවේ රටට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 362 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 502 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 633 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 209 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1232 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 580 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 151 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site