
(අංජුල මහික වීරරත්න)
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
අස්වැන්න නෙලන තත්ත්වයක් තුළ වුවත් මේ වන විට වෙළෙඳපොළහි සහල් මිල ඉහළ යෑමක් නිරීක්ෂණය වන බවත්, වෙළෙඳපොළහි ඇතැම් සහල් වර්ගවල හිඟයක් දක්නට ලැබෙන බවත් ආහාර කමිටුව සඳහන් කරයි.
මේ අනුව, ප්‍රමාණවත් තොග පවත්වා ගෙන යෑම පිණිස සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව 5 වන වරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය.
එසේම, මේ වසරේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අවස්ථා දෙකකදී වගා හානි සිදුවීම නිසා අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු පහළ යෑමක් සිදු වූ බවද මෙහිදී අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් මාෆියාව , විදුලිබල මාෆියාව, වෛද්‍ය මාෆියාව, වෘත්තීය සමිති මාෆියාව, පොලිස් මාෆියාව, දේශපාලක මාෆියාව, හැමතැනම මාෆියාව. ආගම් පවා මේ තත්ත්වෙට වැටිලා. ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියලා වෙන දර්ශක මොනවාටද?
එතකොට අර ගබඩා කරන තැන් පිරිසිදු කරලා රජයෙන් වී මිලදී ගන්නවා කියලා, නටපු නාඩගම මොකක්ද? හාල් මෝල් හිමියන්ට පාඩමක් උගන්නන්න කියලා නේද ඒක කරනවා කියලා රටට පෙන්නුවේ... දැන් නම් අපිට හිතෙන්නේම මාලිමාව ඡන්දෙට වියදම් කරන්නේ ඩඩ්ලිගේ සල්ලි කියලා...
රනිල් හෝ මහින්ද මෙවන් දෙයක් කළේ නම් අනුර ප්‍රමුඛ මාලිමා කල්ලිය මෙසේ කියමින් වේදිකා දෙවනත් කරනු ඇත. ජනතාව කුලප්පු කරනු ඇත. "හාල් පිටරටින් ගෙන්න නම් ආණ්ඩුවක් මොකට ද!" මෙවන් විහිලුකරුවන් පිරිසක් මෙතරම් කල් "මිස්" වුනේ ඇයි අනේ!
කැකුළු වසන්තයා, මෙතන විරිත්තාගෙන ඉන්න හැටි ! ආයි වතාවක් , මේසෙට තට්ටුවක් දාලා, රුපියල් 320 කට තියෙන කීර සම්බා, රුපියල් 330ක් කරලා මේකාගේ බොසා, තඹුත්තේගම ලපයාට ඩඩ්ලිව සතුටු කරන්න පුළුවන් අතරේ ආපහු හාල් ටෙන්ඩර් මගඩියක් කරලා, ගානක් කපාගන්න පුළුවන්නේ !
තව ටික දවසකින් 68 ලක්ෂයකගේ සිහින කුමාරය වූ ලප අයියා පාර්ලිමේන්තුවේ ගිහින් කියයි "හාල් රටින් ගෙන්නන එක නවත්වනවා කියුවේ උගුලක්, ඒ උගුලේ රජය වැටුනේ නැහැ" කියලා....
සහල් ප්‍රශ්නය විසඳන්න ඕනෑ නම් සීමිත කාලයකට පාලන මිල සහ ආනයන සීමා ඉවත් කරන්න. ආනයනය කරන සහල් සඳහා දැඩිලෙස ප්‍රිමිතිය අනුගමනය කරන්න. මාෆියා ව විනාශය වේවි. සුලු සහ මද්‍ය ප්‍රමාණ මෝල් හිමියන්ට දිරිගැන්වීම් කරන්න.
ලුණු ගේනවා, පොල් ගේනවා, ඊලඟට මිරිස් තුනපහ, හාල්, තේ, සීනි නේද?
හිඟය තියෙන කාලේ ගෙන්වන්නේ නැතිව මිල වැඩි කරලා අස්වනු නෙලන කාලේ ගෙන්වන්නේ මොකද? ටිකක් කල්පනා කර බලන්න. උවමනාවටත් වඩා සහල් වෙළෙඳ පොළේ තියෙනකොට මිල බහිනවා, අමාරුවෙන් ගොවිතැන් කරන ගොවියාගේ අස්වැන්නට තියෙන ඉල්ලුම අඩු වෙනවා, එතකොට වී ඉතා අඩු මිලකට ගන්න පුළුවන්, එකෙන් වාසි කාටද? ආණ්ඩුව කලින් හිඟය තියෙන කාලයේ පාලන මිල ඉහල දැම්ම මතකද, එකෙනුත් වාසි වුනේ කාටද? දැන් තීරණය කරන්න ආණ්ඩුව ඉන්නේ කාගේ පැත්තේද කියල. මට දැනෙනවා එක්තරා පක්ෂයකට සහල් ව්‍යාපාරිකයන් කරපු අනුග්‍රහ වෙනුවෙන් මේවා කරනවා ඇති කියල.
අනවශ්‍ය කට කැඩිච්ච දේවල් අහන්න එපා .ප්‍රශ්න කිරීමකින් තොරව නායකත්වයට අවනතවෙලා චන්දෙ දීම පැසිස්ට්වාදයේ ලක්ෂණයක්
වී අස්වනු නෙළනවා කියන මෙ කාලයෙ, සහල් ආනායනය කරන්නේ කාගේ උවමනාවකටද , කාගේ සාක්කු පුරවන්නද , කාගේ විදෙස් ඩොලර් ගිණුම් තර කරන්නද කියා දහසකූත් එකක් ප්‍රශ්නවලට රජය පිළිතුරු දිය යුතුය. නෙළන වී අස්වනු රජයේ වී ගබඩාවකට නොවිකුණන ගොවීන්ගේ පොහොර සහනාධාරය තාවකාලිකව අත්හිටුවා, එම වී තොග රජයට පවරා ගැනීමට බැරිද ?? ඇමරිකානු බදු වැඩිකිරීම් මධ්‍යයේ, අපේ විදෙශ විනිමය පහලට රූටා යන වෙලාවෙ, පිටරටින් පොල්, ලුණු මදිවට සහල් ආනායනය කරන්නත් පටන් ගත්තොත්, රටටම අබ සරණයි... පව්... අනේ..