
(කේ බුද්ධික කුමාරසිරි)
පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් එම බාල වයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා සහ තවත් පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
එම පාසල් දැරියගේ මාපියන් දැරිය සමඟ පැමිණ පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් හත් දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සමූහ දූෂණයට ලක් වූ බව කියන පහළොස් හැවිරිදි පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.
එලෙස සමූහ දුෂණයට ලක් වූ පාසල් සිසුවිය උපකාරක පන්තියකට සහභාගී වන බව නිවසට පවසා තම පෙම්වතා බව කියන පාසල් සිසුවා හමුවීම සඳහා ගොස් ඇති බවත් එම අවස්ථාවේදී සැකකාර පෙම්වතා බව කියන සිසුවා විසින් දැරියද රැගෙන ඔහුගේ මිතුරකු සිටින හෝමගම මාගම්මන ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක් කර ඇත.
ඒ අනුව උදෑසන නමයත් සවස තුනත් අතර පැය හයක කාලයක් ඇතුළත හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතල ලිංගික අපයෝජනය ලක් කර ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියානු ආභාෂය. ඒ දඬුවමම දෙන්න.
ලංකාවේ IRC ලැයිස්තුව වගේ "සෙක්ස් ඔෆෙන්ඩර්" ලැයිස්තුවක් පටන්ගන්න කාලෙ හරි. ඒ අය පදිංචිය වෙනස් උනත් වෙනත් සමාජ වැඩවල යෙදුනත් අදාල බලධාරීන්ට සහ අලුත් අසල්වැසියන්ට දැනුම් දීම අත්‍යාවශ්‍යයි. සමහර රටවල දැනටත් මේක ක්‍රියාත්මකයි.
මේ මොන සතුන්ද? උන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කර ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට එකතු කළ යුතුයි. ඊටත් වඩා හොඳයි, උන්ගේ අහවල් එක ශල්‍යකර්මයෙන් ඉවත් කළ යුතුයි. ඒ වගේම අවුරුදු 16 ට වැඩි නම් ලොකු දඩයක් ගෙවලා හිරේ දාන්නත් නියෝග කළ යුතුයි.
දැන් ඉන්නේ පෙම් වතුන් නොවෙයි පෙම් සතුන්.
ගෑණු දරුවන් ආදරය කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් ආදරය නාමයෙන් කාමර වලට රිංගන එක තමයි හැමවිටම ප්‍රශ්නය. සැබෑ පෙම්වතෙක් නම් දෙදෙනාම ඉගෙනගෙන රටේ ඉහළ තැනකට යන්නත් ඉන් පසුව විවාහ වෙන්නත් සැළසුම් කළ යුතුයි. ඉතින් මෙවැනි සිද්ධීන් වලින් පාඩම් උගත යුත්තේ ගෑණු දරුවන්. එසේ නොවේ නම් විනාශ වන්නේ තමන්ම වග සිහි තබාගත යුතුයි .
කෞෂි නෝනා කියනවා සෙක්ස් ඔෆෙන්ඩර් ලැයිස්තුවක් හදන්න කියල, අදහස හරිම අගෙයි, එත් මෙතන ඔක්කොම බාල වයස්කාරයෝ. ඉතින් ඕකට විසඳුම පොඩිම කාලේ කියාදෙන්න සෙක්ස් කියන්නේ මොකක්ද කියල.
මේ අය පොඩි නැහැ... කෙළින්ම එල්ලුම් ගස් යවන්න ඕනෑ. අනික් අයටත් පාඩමක් ඉගෙන ගන්න.
ලාච්චුවේ දාන්න...
කවුරුත් කතා කරන්නෙ කොල්ලන්ගෙ වැරැද්ද ගැන. ඇයි කෙල්ලගෙ නැහැදිච්ච කම ගැන නොකියන්නෙ. ඔහොම වෙලා මදි.
මේ කාලේ ළමයි හදනවාට වඩා හොඳයි බල්ලෙක්, පූසෙක් ගෙදර හදා ගැනීම...!
මෙතැන සමහරු හිතන තියන ආකාරයට පිටරටවල Sex offender ලැයිස්තුව අල්ලපු ගෙදර මනුස්සයටයි, අර නාලිකාවටයි, මේ පත්තරේටයි බලන්න පුළුවන් විදියට හදන එකක් නෙවෙයි. ඒකෙ නම නැතුව අංකයකින් විතරක් පළ කරන්න පුලුවනි. විශේෂයෙන් දරුවන් සමග කරන රැකියාවලදී අදාළ ආයතනයට තමන්ගේ අපේක්ෂකයා මෙවැනි වරදකට හසු වූ කෙනෙක්ද කියලා සොයා බලන්න පුළුවනි. ලංකාවේ රජයේ රැකියාවට පෙර විභාග ප්‍රතිඵල හරිද කියලා පරීක්ෂා කර බලනවා නම්, මෙවැනි ලේඛනයක් හදන්න ඇයි බැරි...?
මේ පොඩි අයට තියන අමාරුව. ලංකාවේ නීතිය අනුව ලක්ෂයක් ඇප දීලා එළියට එවයි.