
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්නැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත් මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනටමත් දැනුවත් කර ඇති බවත් ඹහු කීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පුලුවන් නම් නැගපල්ලා බැරිනම් බැහැපල්ලා" සංස්කෘතිය තවම වෙනස් වී නොමැත.
බස් නැවතුමට පැමිනෙණ විට ඒ බව දන්වා බසයේ රියදුරැට පෝන් කරන්න..