
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"රට බංකොලොත් වෙන්නට යන බව අප ගෝඨාභය ආණ්ඩුවටත් අප කිව්වා. ඔවුන් අපේ කතා ඇහුවා නම් රට බංකොලොත් වන්නේ නැහැ.
වී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් දෙන බව ඡන්ද වේදිකාවේ කිව්වා. නමුත් අද එවැනි දෙයක් වන්නේ නැහැ.නිලධාරීන්ගේ දේශපාලකයන්ගේ , ව්‍යාපාරිකයන්ගේ මාෆියාව කඩන්නට හැකියාව තිබෙන්නේ තමන්ට පමණක් බව අනුර එදා ඡන්ද වේදිකාවේ උඩ පැන පැන කිව්වා.
අද කරන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ ත්‍රීවිල් කෑලි ගලවනවා. බුලත් විට කඩ ගලවනවා" යනුවෙන්ද කබීර් හෂීම් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න පොරවල්නේ. හරියටම කිව්වා නම් විසඳන්න ඕනෑ ප්‍රශ්නයි, පිළිවෙලයි හරියටම කරන්න තිබ්බා. අර බංගලාදේශේ වගේ, මේ ටික පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමෙයි, රටෙන්ම එළවන්න තිබ්බේ...
රට කාපු දශක හතක දේශපාලන සිස්ටම් එක විතරක් නෙමෙයි, පාරෙ බුලත් කෙළ ගහන සිස්ටම් එකත් වෙනස් විය යුතුයි.
මොකක්හරි අල්ලගන්න බලන්නේ? ඕවා විය යුතුම දේවල්...
පොඩි දේවල් වෙනස් කළාම තමයි... ලොකු දේවල් වෙනස් වෙන්නේ. පළමු පොඩි පියවරකින් තමයි. ලොකු ගමන් ආරම්භ කරන්නේ. කට වාචාලකමට නොදන්නා දේවල් කියවන්න එපා. බැරි අයව එළවලා අලුතෙන් අයව ගෙනැල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. කරදර කාරයින් වගේ නාහෙන් අඬන්නේ නැතිව.
තියෙන සිස්ටම් එක මොකක්ද කියලවත් තේරුමක් නැති ඔලමොට්ටල සෙට් එකකින් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අවුරුදු ගණනක් පිනට කකා සියල්ල විවේචනය කර කර හිටිය මිසක් විකල්ප විසඳුම් ගැන හිතලවත් නෑ.
හපෝ මහලොකු ආර්ථික ඔස්තාර්, තවම ඔලුවේ තියෙන්නේ බලයට එන්නේ කොහොමද කියලා, ඉවසන්න නානා, ඔයාලාගේ කෙරුවාවලුත් ඉදිරියට එනවා...!
මේ වගේ ඔලමොට්ටලයෝ ටිකක් නේද පාර්ලිමේන්තුවේ හිටියේ කියලා හිතෙනකොටත් අප්පිරියයි.
අසමගි බලවේගයේ හිටපු අය කියපු කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?
බාගෙට දිගහැරුණු දබරගිල්ල දිගුකොට වටේට හැමතැනම, හැමකෙනාගේම වැරදි ,අඩුපාඩූ, උපහාසයෙන්, ඇත්ත සහ නැත්ත ඇතකරමින් වටේට කැරකෙමින් කියවමින් සර්ව සම්පූර්ණයෙන්ම තමන් සහ තම සගයන් සුදු චරිත ලෙසත් සෙසු සෑම සියලු දෙනාම කලු චරිත ලෙසත් හුවා දක්වමින් විවේචන කරනවා වගේනොවෙයි ප්‍රායෝගිකව ක්‍රියා කරන්න ගියාම. සහ කොරෝනා සමයේ සිට විවිධ අඩුපාඩු, පෝලිම් තිබුණා නමුත් හාල් පොල් ප්‍රශ්න මෙතරම් උග්‍ර වූවේ නැත.ඒ කාලේ කීවේ හාල් මෝල් හිමියන් ගේ හිතුවක්කාරීකම්, ඒකාධිකාරයන් නැතිකරන බව. නමුත් දැන් හාල් පෝලිම්, පොල් පෝලිම්. කරුණාකර කීවදේවල් කරන්න. තවත් ගෝඨාභය කෙනෙන් නොවී.