IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සුව ඇමති ස්විට්සර්ලන්තයට

(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. 

මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළුව පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි. 

මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිත අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය. 

සමුළුව සඳහා එක්වන සියලු පිරිස්වල සහභාගීත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලැසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් ‍වන යෝජනා, අදහස් හා පර්යේෂණ  දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසරේ  ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් නියමිතය. 

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය. 

 



අදහස් (4)

සුව ඇමති ස්විට්සර්ලන්තයට

ගුණරත්න Sunday, 18 May 2025 02:11 PM

හා විනෝද ගමනක් නොවෙයිද මේක...?

:       4       46

prasanna Sunday, 18 May 2025 05:39 PM

පච පෙරන යන්ත්‍රයක් ගන්න ගිහිල්ලා.

:       3       15

නිමල්කා Sunday, 18 May 2025 11:08 PM

ජිනීවා වල ඉන්න ඥාති ඩයසපෝරාවත් හම්බවෙලා එන්න. අතිගරු තුමාට රණවිරු සැමරීම මගාරින්නත් බැරිවෙන එකේ ඒ ඤාතියොත් තරහවෙවිනෙ. ඉදිරියටත් ඒ අයගෙ ආධාර නැතිව කොහොම ගතකරන්නද.....

:       0       0

Bunny Preena Monday, 19 May 2025 09:01 AM

බොහොම හොඳයි .... කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site