(රංජිත් රාජපක්ෂ )
සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය.
තවලකැලේ නගරයේ ප්‍රධාන දමිළ පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු අද (16) දින පාසලට සුවද විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ස්ප්‍රේ කර ඇති අතර, පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බව වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.
රෝහල් ගත කළ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
විදුහලේ විදුහල්පතිතුමියගෙන් අප කළ විමසුමකට ඇය කියා සිටියේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුමකට භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවද විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුලේ නිළ ඇදුමට ස්ප්‍රේ කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ මේක වසංගතයක්, පේන්ට්වල ඉව අල්ලන එක, මේකෙන් සමහර ළමයින් මොළය අක්‍රීය වෙලා ඉන්නවා මේ සුවඳ විලවුන් වල තිබෙන අහිතකර විෂ නිසා.
කල් ඉකුත් වූ සුවඳ විලවුන් විය හැකිය.