
(යොහාන් භාසුර)
‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හොත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන කුෂාන් ජයසූරිය මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය.
‘සෝලා’ ගාස්තු අඩු කරන්නේ යැයි මීට මාස කීපයකට පෙර ප්‍රකාශ වුවද මේ දක්වා එය ක්‍රියාත්මක කරන නොමැති බව කී ජයසූරිය මහතා ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් නැවත මාධ්‍යවල වාර්තා පළවන්නේ යැයි දැනගන්නට ලැබී ඇති බව ද සඳහන් කළේය.
ගාස්තු අඩු කිරීමක් කළ හොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් එවැනි සාකච්ඡාවක් හෝ වෙනත් පියවරක අවශ්‍යතාවක් මේ දක්වා මතුවී නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර දඟලන්න ඕනද, වර්ජනය කරා නම් ඉවරයිනේ...