
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇතැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද 13 චෝදනා කළේය.
මේ ක්‍රියාදාමය නිසා අඩු වියදම් විදුලි ඒකක 7 90,000ක් පද්ධතියට අහිමි වෙලා. ඒවා එහෙම නැවැත්තුවට ඉන්ධන වලින් බලාගාර දුවනවා එතනිනුත් පාඩුව රුපියල් මිලියන 200යි. රුපියල් දහයක මුදලට ගත හැකිව තිබූ අඩු වියදම් විදුලි ඒකක ප්‍රමාණය අතහැරලා රුපියල් පනහේ ඉඳලා සීය දක්වා මුදල්වලට ඒ ඒ අයගේ බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා.
ගණන් බලපුවාම අවුරුදු තෑග්ගේ සමස්ත පාඩුව රුපියල් මිලියන 2100 ක් විතර වෙනවා. ජනතාවට වගකිවයුතු ආයතනය මහජන උපයෝගීතා කොමිසම අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවක් උදාවෙලා.
පිරිවැය අධිකයි නිෂ්පාදනය සඳහා යන මුදල වැඩියි කියා ජුනි මාසේ ඉඳලා විදුලි බිල වැඩි කරන්ඩ කරන සූදානමක් බවයි අපිට මේ පේන්නේ. පෙරහරක් ළඟ එනවා කියලා කස කාරයෝ ඇවිත්ලා තියෙනවා. රට අනුරට කිව්වා වගේ විදුලි බලය තිලක්ට දීල තියෙනවා. පොහොර නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා මේ යන විදිහට සෝලා නිසා අනුර කුමාර දිසානායකට ගෙදර යන්න සිදුවෙනවා. රජයේ බලයට පත්වුණේ හොරු අල්ලන්න කියලා ඒ උනාට දැන් විදුලි බල මණ්ඩලය හොරු බෝ කරන තෝතැන්නක් බවට පත්වෙලා ඉවරයි.
සංජීව ධම්මික මහතා මේ අදහස් පළ කලේ කොටදෙනියාව මැල්ලවගෙදර දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරට නම් ගෙදර යන්න දෙන්නේ නැහැ දැන්ම. ඒක අපි බලාගන්නම්... ඔබලාගේ හොරු කරලා තියෙන වැඩවලට ගෙදර නෙවෙයි... හරි නම් ඔවුන්ව යවන්න තිබුණේ පෝරකයට.
කතාවේ ඇත්තක් තියෙන බව පැහැදිලියි.
ලංකාවේ සෝලා කරන අය මරු. තමන්ට සල්ලි එන විදිය විතරයි කතා කරන්නේ. මණ්ඩලේ කියලත් වෙනසක් නෑ. දෙගොල්ලම තමන්ට වාසි ටික විතරයි කතා කරන්නේ. දෙකම වැරැදියි. හැබැයි මැද තැනක් තියනවා, ඒකට ඒ දෙගොල්ලන්ම කැමැති නෑ. වැඩේ හරියට වෙන තැනක් බැලුවා නම් හොයාගන්න පුළුවන්. වඳුරෝ ගැනපු හැටි බැලුවම පුදුමෙකුත් නෑ...
මේ සංගමය මොකක්ද, ඇහුවෙත් අදයි. වි.බ.ම. ඇතුලේ මාෆියාවක් තියෙනවා. ඒක එක පාරටම නැති කරන්න අමාරුයි. ඒත් මේවගේ දේශපාලන අරමුණ මත පිහිටුවා ගන්නා සංවිධාන පිටිපස්සේ කවුද ඉන්නේ කියලා හොයා බලන්න.
මෙතැන පද්ධතියේ විදුලිය සමබර කර ගැනීමේ ගැටළුවක් ඇතිවෙලා තියෙන්නේ. හැම රෙද්දම සල්ලි වලින් කරන්න බෑ. තාක්ෂණික අඩුපාඩු තියෙනවා. නැත්තේ නෑ. ඒවා ටික ටික හදා ගන්න ඕනේ. විදුලි පද්ධතිය සමබර කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. සමහර ව්‍යාපෘති සැලසුමක් නැතිව කිරීමේ අඩුපාඩුත් තියෙනවා. ඒ වගේම හැම එකෙන්ම ගරාගෙන කන්න බලාගෙන වැඩ කඩාකප්පල් කරන අයත් ඉන්නවා. පොඩ්ඩක් ඉවසිල්ලෙන් මේ අවුල් නිරවුල් කරගෙන දියුණුව කරා යමු හැමෝම එකතු වෙලා...
සියඹලාපිටිය එළියට ඇවිත් හරි උත්තරයක් දෙන්න. PPE වලින් වැඩි මිලට සල්ලි දීලා ගත්තා නම් ඔයා හිරේ යන්න ඕනේ...
කාගේදෝ අසුචි වගයක් කාලා, සිදුවුනේ කුමක්ද කියා තේරුම්ගන්න බැරි මෝඩයෙක්, වාචාලකමට ඔහේ දොඩවනවා. අනුර කුමාර කියන්නේ මෝඩයෙක්වත් බයගුල්ලෙක්වත් නොවෙයි !!!
ඕක අනුර කුමාරගේ වරදකට වඩා දශක ගණනාවක සිට එන වැඩ බැරි එහෙත් පගාව හොඳින් ප්‍රගුණ ලාංකික ඉන්ජිනේරු ප්‍රජාවේ බල පරාක්‍රමය පෙන්වීම... ලංවිම පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම පොදු අර්බුදයක්...
අපි අනුරට යන්න දෙන්නේ නෑ. ඔහෙලා රට ගිනි තියන්න හැදුවාට දැන් ඉන්නේ මොලය සංවර්ධනය වුණු බහුතර ජන ප්‍රජාවක්. ඔහෙලාගේ කාලේ ඉවරයි. අපි ඔහෙලාවත් පුනරුත්ථාපනය කරනවා ළඟදීම...
සෝලා නිසා අනුරට නෙවෙයි, ඔබලා වගේ අය නිසා රටට ඉදිරියට යන්නයි බැරි වෙන්නේ...!
ඔය සෝලා හයිඩ්‍රෝ ප්ලාන්ට් බහුතරයක් මහින්දට ගෝටාට කඩේ ගිය හමුදා ලොක්කොන්ගේ හා ඇමැතිලාගේ. ඔය වැලපිල්ලට හේතුව ඒකයි.
මෙය ආණ්ඩුවට කළු පැල්ලමක් ... ජනාධිපතිතුමනි මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්න