
(ගයාන් සූරිය ආරච්චි)
ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය හා සංගීත ප්‍රසංග මාර්ග බාධක රාජකාරියේ බීමතින් රාජකාරි කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා ඊයේ (24) සවස 6.00 සිට අලුයම 6.00 දක්වා එම සැණකෙළිය රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසියය කියයි.
එහිදී එම නිලධාරියා බීමතින් රාජකාවේ කරන බවට ලද තොරතුරක් මත එම නිලධාරියා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව කොටුව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd