(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙකි.
පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් ගැලණිගම හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී හොරණ දෙස සිට අපරික්ෂාකාරී අයුරින් වෙනත් වාහන කිහිපයකට ඉස්සර කරමින් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථය නවතා රියදුරු කැඳවා නීති මගින් කටයුතු කිරීමට සූදානම් වීමේදී ඔහුගෙන් මත්පැන් ගඳ වාහනය වු බව පොලිසිය කියයි.
ඒ වන විට බස් රථය මගින් 40 කට අධික පිරිසක් ගමන් කරන්නට වූ බැවින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් කරුණු පහදා දී වෙනත් බස් රථයක නන්වා පිටත් කර හැරීමට කටයුතු කිරීමට සැලසූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිසන් එක අවුරුද්දක් අත්හිටුවන්න.