IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ සරත් වීරවංශ)

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ  දැයි සෙවිමට විශ්ව ව්ද්‍යාලය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබරගමු විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.සුනිල් ශාන්ත මහතා පැවසීය .

මෙම සිසුවා මේ වසරේදි විශ්ව විද්‍යාලයට  පැමිණ දේශන සඳහා සහභාගි වි නොමති බවද ඔහු ඉගෙනුම ලබන විෂයන් අන්තර් ජාල පන්ති මගින් ඉගෙනුම ලබා ඇතැයි ද උප කුලපතිවරයා පැවසිය.

සරසවි සිසුන්ගේ අවුරුදු උත්සවයක් සඳහා මියගිය සිසුවා 26 වනදා නේවාසිකාගාරයකට පැමිණ ඇතැයි තමා කළ සොයා බැලිමකදි අණාවරනය වු බවත් එහෙත් සිසුවා සරසවියට  පැමිණිම ගැන ලේඛන ගතව නැති බවද උප කුලපතිවරයා පැවසිය.

මෙම සිසුවා නවක වදයකට ලක්වුණේ දැයි සොවිමට අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වන බව ද එම පරික්ෂණයේ නිගමන අනුව තීරණ ගන්නා බවද උප කුලපතිවරයා සදහන් කළේය .

 



අදහස් (5)

සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්

dasun Thursday, 01 May 2025 10:06 PM

මෙම වදකයන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට DO නියෝග ලබා ගත යුතුයි

:       0       3

PGPTHILAK Thursday, 01 May 2025 10:12 PM

ඔය කමිටුවෙන් මියගිය දරුවා වැරදි කරලා බල ලෝභී උපකුලපතියා ඇතුළු පාලකයන් ඇඟ බේරාගෙන වදකයනගේ සහයෝගයෙන් ලක්ෂ හය හතක් මාසික පඩි කලා යහතින් ඉඳීවි!! මේ සහගහන අපරාධයට අනුර ජනාධිපතියා ඇතුළු ආණ්ඩුව මැදිහත්වීමක් කලයුතුමයිර්‍!!

:       0       4

indi Friday, 02 May 2025 10:18 AM

ඕකේ , හැම පීඨයකම රැග් තියෙනවා. හැම පීඨයක්ම පරීක්‍ෂණයට ගන්න ඕන.

:       0       4

prasanna Friday, 02 May 2025 10:52 AM

රට ගොඩ ගන්න නම් LTTE එක වගේ JVP එක තහනම් කරන්න ඕන... රටේ ප්‍රශ්න එදාට ඉවරයි. මේ අවසානවන්ත සංස්කෘතියේ නිර්මාතෘ තමා විජේවීර.

:       2       2

Asanga Saturday, 03 May 2025 10:53 AM

මේ දේවල් මුල ඉදලම ජෙප්පො කරන වැඩ තමා. මුන් තනිකරම මිනිමරුවෝ. කෝ දැන් අන්තරේ බල්ලො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 547 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 478 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site