
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය ඊතලවැටුණු වැවේ ඥානතිලක හිමියන්ගෙන් අහිමි කළේ ඇයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
"අධ්‍යාපන උපකරණ සඳහා වැට් බදු ඉවත් කරන බව මැතිවරණ වේදිකාවේ කිව්වා. ඒ දේ සිදු නොකළේ ඇයිදැයි මා ප්‍රශ්න කරනවා.එදා දවසේ කියූ දේවල් අද ක්‍රියාත්මක කරන ආකාරය දෙස බැලූ විට ලොකු පරස්පරතාවයක් තියෙනවා.අධ්‍යාපන මාපිය කැපකරු ක්‍රමයක් අරඹා ලොව ධනමතුන් සම්බන්ධ කරගෙන රජයේ අයවැයෙන් වෙන්වන මුදලට අමතරව අධ්‍යාපනයට තවත් මුදල් ලබා ගන්න අලුත් ක්‍රමයකට පිවිසෙන්න.
රජයෙන් වෙන් කරන මුදල් ගැනම පමණක් කතා කිරීමෙන් ඵලක් නැහැ.පාසල් උපකරණ වලින් වැට් බදු ඉවත් කිරීමට තවමත් ප්‍රමාද නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් 35000-40000 ක් පමණ ඉන්නවා.උපාධිධාරීන් 35000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න බවට මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. නමුත් අයවැය කතාවෙන් එවැනි දෙයක් කියා නෑ යැයි අපි පක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මමත් ඉඳලා හිටලා ඉන්නවා හරිද?
ඔය ආචාරිය මහාචාරියෝ ලක්ෂ පහ හය පඩි ගද්දී මොන පරියේෂණ දීමනාද? කරපු පරීක්ෂණ කරනවා කියලා කිසිම ප්‍රයෝජනවත් දෙයක් කරලා නැත! බංකොලොත් වෙලා හොම්බෙන් යද්දී ඡන්ද මංකොල්ල කන්න රෙද්දක් කියවනවා... මේ සේරම රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන් තවත් වැඩි කරමින් ඡන්ද මංකොල්ල කන්න සැරසෙන අයට එක ඡන්දයක් වත් දෙන්න එපා...!!!
අනෙකුන්ගේ පණිවිඩ ගිරවෙක් මගින් එලිදැක්විය හැකිය.
මේ සරසවි ඇදුරෝ ඔබතුමාට ඉගැන්නුවේ නැති එක තමයි වැරැද්ද... ඔබතුමාට ඉගැන්නුවේ ෆොරිනස්ලනේ. ඔබතුමාට තරම් මේ කට්ටියට මොලේ නැත්තේ ඒකයි. ඔබතුමා කියනවා වගේ හැමෝටම හැමදෙයක්ම නිකං දීම තමයි හරි. ඔබතුමාටත් ඉතින් එහෙමයිනේ..!
නිවැරැදි පර්යේෂණ කරපු සහ අනාගතයේ කරන්න සිටි උගත්තු තමයි, ඔහේගේ තාත්තා එලොව යැව්වේ.. දැන් බොරුවට නාහෙන් අඬනවා..
ඕවා නෙවෙයි කතා කරන්න ඕනැ . සරසවිවල කරපු පර්යේෂණ වලින් ලංකාවේ ආණ්ඩුව ගනිපු ප්‍රයෝජන මොනවාද? ... එහෙම වැදගත් පර්යේෂණ කරන බව දන්නවද?..
ඕකත් හරියට දොස්තරගේ නිවාඩු දින දීමනාව වගේ කතාවක් වෙන්න ඇති. ආණ්ඩුවත් මූලික වැටුප වැඩි කරලා රාජ්‍ය සේවකයාට වැඩි හොදක් කරන්න හැදුවට වැඩක් නැහැ, ඒක අගය කරන්නවත් නොදන්න අමනයෝ ඉන්න නිසා.........
විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන මේ විකාරයා නිසා, පර්යේෂණ දීමනාව නමින් විශ්ව විද්‍යාලයේ සිදුවන වංචාවන් පිළිබඳ සම්පූර්ණ දෘශ්‍යතාවක් නොමැත. සහකාර ලේඛකාධිකාරීවරයාගේ සිට වැඩ ඉංජිනේරුවරයා දක්වා, දේශන, අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය දක්වා, සියලුම ශ්‍රේණි වක්‍රව මෙය දීමනාවක් ලෙස ලබා ගනී. ඔබ කළ යුත්තේ පත්‍රිකාවක් හෝ ඕනෑම කුණුහරපයක් බාගත කර එය ඔබේම ලෙස ඉදිරිපත් කර සංස්කරණය කර ඉදිරිපත් කිරීමයි. එය සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාලවල දන්නා කරුණකි. විශ්ව විද්‍යාලයේ. මා ලියන මෙය මගේම අත්දැකීමෙන්. පර්යේෂණ කටයුතුවල අවංකව නියැලෙන මහාචාර්යවරුන් සිටින්නේ ඉතා ස්වල්පයක් පමණි.
තමුන් දන්නේ ඉස්කෝල ගානේ ගිහින් බස් බෙදපු එකයි, ජපන් භාෂාවෙන් කතා කරපු එකයි, උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු? වෙන අහවල් දෙයක් කියලාද?