
(එම්.සුසිල් ප්රියන්ත)
අනුරාධපුරයේ වන්දනා ගමනක් ගොස් අක්මීමන සිය නිවසට එන අතරතුරදී හදිසියේ ඇතිවූ උණ රෝගයකින් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ දෙවනි වසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි තරුණියක අද (26)අලුයම් කාලයේදී ඇල්පිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව ඇල්පිටිය පොලීසිය කියයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අක්මීමන අද්දරවත්ත ,තොටගොඩ පදිංචි ගගුලි කව්මිනි නමැති සිසුවියය.
මෙම සිසුවිය සිය පවූලේ අය සමග මෝටර් රථයකින් අනුරාධපුරයේ ගොස් ඇති බවත් එම වන්දනා ගමන නිමාකොට ආපසු සිය නිවස කරා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් අක්මීමන බලා යමින් සිටියදී ඇයට ඇතිවූ උණක් නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් පිටවී ඇල්පිටිය රෝහල වෙතට රැගෙන විත් ඇති බවද පොලීසිය කියයි.
මෙලෙස හදිසියේම අසනීපවූ මේ සිසුවිය අද(26) අලුයම් කාලයේ ඇල්පිටිය රෝහලට ඇතුලු කරන විටත් මිය ගොස් තිබූ බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd