(යොහාන් භාසුර)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැරදි සහගත ලෙස කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ කීය.
ශ්‍රී ලංකාව රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තත්වයකට වර්තමානය වන විට මුහුණදී සිටින බවත් සමාජය මාධ්‍ය හරහා ජනතාවට බොරු වපුරලා, ජන මනස විකෘති කළ වර්තමාන ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ මුදල් රාජපක්ෂලා උගන්ඩාවට ගෙවිච්චා යැයි ජනතාවගේ සිතේ වෛරය වපුරලා වෛරය තුළින් පාර්ලිමේන්තුවේ සිටි අහිංසක මන්ත්‍රිවරයෙක්ව පාරේ පහරදී මරා දමන තත්වයට වෛරය වැපූරු බව කී සාගර කාරියවසම් මහතා වර්තමාන ආණ්ඩුව කරන ජනතා විමුක්ති පෙරමුණ පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රිවරු පන්සිය හැට පමණ ගෙවල්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75 ක ගෙවල් ගිනි තියන්න තරම් සමාජ මාධ්‍ය තුළින් බොරු වපුරලා වෛරයක් වැපුරවූ බව ද සඳහන් කළේය.
ඒ ආකාරයට වැඩකළ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවූ සැනින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවත් ඒ මහතා කීය.
ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ වැරදි ආකාරයකට කරන අතර ශ්‍රී ලංකා පොලිසිය ආණ්ඩුව වෙනුවනේ කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත් කාරියවසම් මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව කී කාරියවසම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණට එම පනතින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ඇති අයිතිය මොකක්ද යන ගැටලුව මතු වන බවත්ය.
ජාතික ජනබලවේගයට ත්‍රස්තවාදය වැලැත්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තිබෙන අයිතිය මොකක්ද යන්න ඔවුන්ම හෘදසාක්ෂියෙන් ඇසිය යුතු බවත් රටේ මහාවිරු දිනයක් සැමරුවේ නැහැ කියලා කියනවානම්, පසුගිය කාලයේ මේ රටේ ප්‍රධාන මාධ්‍ය තුළින් ඒ මාධ්‍යවල ප්‍රවෘත්ති තුළින් විකාශනය වුණේ වැරදි සහගත දේවල් වියයුතු බවත් ඒ මහතා පැවසීය.
මහාවිරු සැමරුමක් පැවැත්වෙන ආකාරය විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වූ බව කී සාගර කාරියවසම් මහතා එවැනි තත්වයක් තිබියදී මහවිරු සැමරුම් පැවැත්වෙන බව වසන් කිරීමට ඒ සම්බන්ධයෙන් කථා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අත්තඩංගුවට ගැනීම සමස්ත මාධ්‍ය ක්‍රියාකාරීන්ට කරන තර්ජනයක් බවත්ය.
සමාජ මාධ්‍යවේදියෙක්ට මේ ආකාරයට අසාධාරණයක් වෙනවානම් පක්ෂයක් හැටියට ඊට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මැදපෙරදිග කලාපයේ රාජ්‍ය නායකයන් හමුවීම සඳහා පෙබරවාරි මැද භාගයේදී තමා එහි සංචාරයකට යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
ඌව සහ දකුණ් පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී අද (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිස
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා
Asanga Monday, 02 December 2024 09:00 PM
තමන් ආණ්ඩු කරන කාලේ හොඳයි ද එතකොට
ජයනාත් Monday, 02 December 2024 09:38 PM
සමාජ ක්‍රියාකාරි කියල කොටසක් ඉන්නවා රට ගිනි තියන. එවුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය . අනෙක තමුන්නැහැලා පොහොට්ටු පක්ෂය නැත්තටම නැති කලා. ජනතාව ප්‍රතික්ෂේප කරපු කොටසක් . ඉස්සර වෙලාම තමුන්ගෙ පාර හරියට හදා ගන්න .
Jay Monday, 02 December 2024 10:40 PM
සැබෑ මාධ්‍ය ක්‍රියාකාරීන් නෙමෙයි .ඕකුන් මාධ්‍ය පිළිල .ජාති වාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කරනවා
Perera Monday, 02 December 2024 10:58 PM
ලසන්ත වික්‍රමතුංග ,keeth noyaar පොඩ්ඩලා , ජයන්ත වගේ අයටත් ඔහේලාගේ ආණ්ඩුවෙන් කරපුවත් හෙලා දකිනවද ?
පප්ප Tuesday, 03 December 2024 02:38 AM
තමුන්ල බලාගෙන ඉන්නෙ මේ රට ගිනිතියන කම්ද , සමාජ ක්‍රියාකරයින් පරන පින්තුර දාල ජාතිය කුලප්පු කරල රට ගිනිතියන කන්ද බලාගෙන ඉන්නෙ , අර පාස්කු ප්‍රහාරයෙ වැඩ කිඩ තමුන්ල කරපු විදිය , පෝද්දල ජයරත්න කියනව ඇහුවද.
Ashan Tuesday, 03 December 2024 02:56 AM
ලසන්තලා, එක්නැලිගොඩලා, පෝද්දල ජයන්තලා ගැනත් දුක් වුනානම් නේද හොඳ ?
B Amarasinghe Tuesday, 03 December 2024 03:48 AM
අනේ මේගොල්ලන්ගේ කාලේ සමාජ ක්‍රියාකාරින්ට දෙවියන්ට වගේ සැලකුවේ. බැසිල්ට පින්සිද්ද වෙන්න තනතුරක් හම්බ වෙලා වීරයා වගේ කෑගහනවා.කට ඇරියොත් බොරු කියන්නේ. කෝ මහ ඡන්දෙට ආපහු එනවා කිව්ව බැසිල්. අනික කෙහෙලිය නෙවෙයි නිළධාරින් තමයි වැරදි කලේ ඒක නිසා පාර්ලිමේන්තුවේදී කෙහෙලියව බේරා ගන්නවා කියලා සිංහ නාද කලෙත් මෙයා තමා
Amare Tuesday, 03 December 2024 03:54 AM
මාලිමාවේ සොලෝතයාට මොකද මේ හදිස්සියේම මාධ්‍යවේදීන් ගැන ආදරයක් ,දුකක් ඇතිවෙලා තියෙන්නේ ? ලසන්තව මැරුවේ කාගේ කාලේද ? අනේ පලයන් යන්න බූරුවෝ. පුලුවන්නම් වරෙල්ලා පුංචි චන්දෙට. රටේ ජනතාව තොපි ගැන දැන් හොඳට දන්නවා. මොනවා කලත් , බොරු ගස් පැලකලත් කවුරුත් රාජපක්ෂ හොරු රැලට ආයේ කවමදාකවත් චන්දෙ දෙන්නේ නැහැ !!! සාටකයෝ රැලම ළඟදීම බලු කුඩුවට යෑමට නියමිතයි.
Neel Tuesday, 03 December 2024 04:22 AM
ඡන මතය අනුව ආරක්ශක පියවර ගෙන ඇත
Shantha Tuesday, 03 December 2024 05:59 AM
අනේද කියන්නේ .ඔහෙලා කරපු හරිය ලෝකයම දන්නවා
shyama Tuesday, 03 December 2024 06:24 AM
හා හා මාධ්‍යවේදින් අතුරුදහන් වීම ඝාතනයට ලක්වීම කොයිකාලේද උනේ
Rasi Tuesday, 03 December 2024 08:17 AM
රටක නිතිය බලාත්මක කිරීම රජයක වගකීමක් වේ. බොරු පතුරවීම, භාෂණ නිදහස ලෙස අර්ථකථනය කිරීම අප වැනි රටවල බංකොලොත් දේශපාලකයන්ට බලය ලබා ගැනීම සදහා වන ක්‍රියා මාර්ගයක් වේ. දැන් බොහෝ රටවල, සමාජ ජාලා සදහා නව නීති හදුන්වා දෙමින් ඇති අතර, හොදම උදාහරණය නම්, ඔස්ට්‍රේලියාව හදුන්වා දුන් 16 ට අඩු අයට සමාජ ජාලා සදහා පිවිසීමේ තහනම. ඔවුන් තව දුරටත් X සදහාද නීති හදුන්වා දීමේ අදහසින් සිටියි. අපේ රටේ ඕන එකෙක්, මේ සියල්ල ඔවුන්ගේ අබිමතර්තයන්ට භාවිත කර රට විනාශ කිරීම පමණක් සිදු කරයි.
Jayasekara Tuesday, 03 December 2024 09:54 AM
ඕකට කියන්නේ දේශපාලන බංකොලොත්භාවය කියලා .එක වෙලාවකට කියනවා උතුරේ ප්‍රභාකරන් සමරන්න ඉඩ දීලා කියලා . ඒවාට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරනකොට ,මාධ්‍ය නිදහස උල්ලංගනය කරනවලු .මේවගේ බංකොලොත් මිනිස්සු
රුවන් Tuesday, 03 December 2024 10:15 AM
මේවා ඕස්ට්‍රේලියාවේ හිටියා නම් කියයි අවුරුදු 16ට අඩු ළමයින්ට සාමාජ මාධ්‍ය තහනම් කරලා ළමයින්ගේ මානව හිමිකම් අහෝසි කරලා කියලා. අඩුම කියන්න බලන්න ඒ කාලේ මාධ්‍ය නිදහස කොහොමද තිබ්බේ කියලා?
m. saman perera Tuesday, 03 December 2024 10:56 AM
ඔයා බීලද ඉන්නේ...?
sam Tuesday, 03 December 2024 10:58 AM
නිකන් බොරුවට බුරන්න එපා. රට විනාශ කරලා දැන් කිඹුල් කඳුළු හෙලන්න එනවා. චක්ගෝලයා...
Ruwan R Tuesday, 03 December 2024 12:08 PM
අයිතිකාරයා ඔය ඇවිත් තියෙන්නේ බේර ගන්න.
Kamal Koyrala Tuesday, 03 December 2024 02:42 PM
කුලීකරුවන් වෙනුවෙන් ඔබතුමාට නීතිය ඉදිරියේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය හැක... මයික් වලට වොයිස්කට් දීමෙන් ඵලක් වේවිද?