
(යොහාන් භාසුර)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැරදි සහගත ලෙස කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ කීය.
ශ්‍රී ලංකාව රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තත්වයකට වර්තමානය වන විට මුහුණදී සිටින බවත් සමාජය මාධ්‍ය හරහා ජනතාවට බොරු වපුරලා, ජන මනස විකෘති කළ වර්තමාන ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත්අඩංගුවට ගන්නා බවත් පැවසීය.
ශ්‍රී ලංකාවේ මුදල් රාජපක්ෂලා උගන්ඩාවට ගෙවිච්චා යැයි ජනතාවගේ සිතේ වෛරය වපුරලා වෛරය තුළින් පාර්ලිමේන්තුවේ සිටි අහිංසක මන්ත්‍රිවරයෙක්ව පාරේ පහරදී මරා දමන තත්වයට වෛරය වැපූරු බව කී සාගර කාරියවසම් මහතා වර්තමාන ආණ්ඩුව කරන ජනතා විමුක්ති පෙරමුණ පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රිවරු පන්සිය හැට පමණ ගෙවල්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 75 ක ගෙවල් ගිනි තියන්න තරම් සමාජ මාධ්‍ය තුළින් බොරු වපුරලා වෛරයක් වැපුරවූ බව ද සඳහන් කළේය.
ඒ ආකාරයට වැඩකළ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවූ සැනින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින බවත් ඒ මහතා කීය.
ආණ්ඩුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණ වැරදි ආකාරයකට කරන අතර ශ්‍රී ලංකා පොලිසිය ආණ්ඩුව වෙනුවනේ කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත් කාරියවසම් මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව කී කාරියවසම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණට එම පනතින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ඇති අයිතිය මොකක්ද යන ගැටලුව මතු වන බවත්ය.
ජාතික ජනබලවේගයට ත්‍රස්තවාදය වැලැත්වීමේ පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තිබෙන අයිතිය මොකක්ද යන්න ඔවුන්ම හෘදසාක්ෂියෙන් ඇසිය යුතු බවත් රටේ මහාවිරු දිනයක් සැමරුවේ නැහැ කියලා කියනවානම්, පසුගිය කාලයේ මේ රටේ ප්‍රධාන මාධ්‍ය තුළින් ඒ මාධ්‍යවල ප්‍රවෘත්ති තුළින් විකාශනය වුණේ වැරදි සහගත දේවල් වියයුතු බවත් ඒ මහතා පැවසීය.
මහාවිරු සැමරුමක් පැවැත්වෙන ආකාරය විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වූ බව කී සාගර කාරියවසම් මහතා එවැනි තත්වයක් තිබියදී මහවිරු සැමරුම් පැවැත්වෙන බව වසන් කිරීමට ඒ සම්බන්ධයෙන් කථා කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් අත්තඩංගුවට ගැනීම සමස්ත මාධ්‍ය ක්‍රියාකාරීන්ට කරන තර්ජනයක් බවත්ය.
සමාජ මාධ්‍යවේදියෙක්ට මේ ආකාරයට අසාධාරණයක් වෙනවානම් පක්ෂයක් හැටියට ඊට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් ආණ්ඩු කරන කාලේ හොඳයි ද එතකොට
සමාජ ක්‍රියාකාරි කියල කොටසක් ඉන්නවා රට ගිනි තියන. එවුන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතුය . අනෙක තමුන්නැහැලා පොහොට්ටු පක්ෂය නැත්තටම නැති කලා. ජනතාව ප්‍රතික්ෂේප කරපු කොටසක් . ඉස්සර වෙලාම තමුන්ගෙ පාර හරියට හදා ගන්න .
සැබෑ මාධ්‍ය ක්‍රියාකාරීන් නෙමෙයි .ඕකුන් මාධ්‍ය පිළිල .ජාති වාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කරනවා
ලසන්ත වික්‍රමතුංග ,keeth noyaar පොඩ්ඩලා , ජයන්ත වගේ අයටත් ඔහේලාගේ ආණ්ඩුවෙන් කරපුවත් හෙලා දකිනවද ?
තමුන්ල බලාගෙන ඉන්නෙ මේ රට ගිනිතියන කම්ද , සමාජ ක්‍රියාකරයින් පරන පින්තුර දාල ජාතිය කුලප්පු කරල රට ගිනිතියන කන්ද බලාගෙන ඉන්නෙ , අර පාස්කු ප්‍රහාරයෙ වැඩ කිඩ තමුන්ල කරපු විදිය , පෝද්දල ජයරත්න කියනව ඇහුවද.
ලසන්තලා, එක්නැලිගොඩලා, පෝද්දල ජයන්තලා ගැනත් දුක් වුනානම් නේද හොඳ ?
අනේ මේගොල්ලන්ගේ කාලේ සමාජ ක්‍රියාකාරින්ට දෙවියන්ට වගේ සැලකුවේ. බැසිල්ට පින්සිද්ද වෙන්න තනතුරක් හම්බ වෙලා වීරයා වගේ කෑගහනවා.කට ඇරියොත් බොරු කියන්නේ. කෝ මහ ඡන්දෙට ආපහු එනවා කිව්ව බැසිල්. අනික කෙහෙලිය නෙවෙයි නිළධාරින් තමයි වැරදි කලේ ඒක නිසා පාර්ලිමේන්තුවේදී කෙහෙලියව බේරා ගන්නවා කියලා සිංහ නාද කලෙත් මෙයා තමා
මාලිමාවේ සොලෝතයාට මොකද මේ හදිස්සියේම මාධ්‍යවේදීන් ගැන ආදරයක් ,දුකක් ඇතිවෙලා තියෙන්නේ ? ලසන්තව මැරුවේ කාගේ කාලේද ? අනේ පලයන් යන්න බූරුවෝ. පුලුවන්නම් වරෙල්ලා පුංචි චන්දෙට. රටේ ජනතාව තොපි ගැන දැන් හොඳට දන්නවා. මොනවා කලත් , බොරු ගස් පැලකලත් කවුරුත් රාජපක්ෂ හොරු රැලට ආයේ කවමදාකවත් චන්දෙ දෙන්නේ නැහැ !!! සාටකයෝ රැලම ළඟදීම බලු කුඩුවට යෑමට නියමිතයි.
ඡන මතය අනුව ආරක්ශක පියවර ගෙන ඇත
අනේද කියන්නේ .ඔහෙලා කරපු හරිය ලෝකයම දන්නවා
හා හා මාධ්‍යවේදින් අතුරුදහන් වීම ඝාතනයට ලක්වීම කොයිකාලේද උනේ
රටක නිතිය බලාත්මක කිරීම රජයක වගකීමක් වේ. බොරු පතුරවීම, භාෂණ නිදහස ලෙස අර්ථකථනය කිරීම අප වැනි රටවල බංකොලොත් දේශපාලකයන්ට බලය ලබා ගැනීම සදහා වන ක්‍රියා මාර්ගයක් වේ. දැන් බොහෝ රටවල, සමාජ ජාලා සදහා නව නීති හදුන්වා දෙමින් ඇති අතර, හොදම උදාහරණය නම්, ඔස්ට්‍රේලියාව හදුන්වා දුන් 16 ට අඩු අයට සමාජ ජාලා සදහා පිවිසීමේ තහනම. ඔවුන් තව දුරටත් X සදහාද නීති හදුන්වා දීමේ අදහසින් සිටියි. අපේ රටේ ඕන එකෙක්, මේ සියල්ල ඔවුන්ගේ අබිමතර්තයන්ට භාවිත කර රට විනාශ කිරීම පමණක් සිදු කරයි.
ඕකට කියන්නේ දේශපාලන බංකොලොත්භාවය කියලා .එක වෙලාවකට කියනවා උතුරේ ප්‍රභාකරන් සමරන්න ඉඩ දීලා කියලා . ඒවාට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කරනකොට ,මාධ්‍ය නිදහස උල්ලංගනය කරනවලු .මේවගේ බංකොලොත් මිනිස්සු
මේවා ඕස්ට්‍රේලියාවේ හිටියා නම් කියයි අවුරුදු 16ට අඩු ළමයින්ට සාමාජ මාධ්‍ය තහනම් කරලා ළමයින්ගේ මානව හිමිකම් අහෝසි කරලා කියලා. අඩුම කියන්න බලන්න ඒ කාලේ මාධ්‍ය නිදහස කොහොමද තිබ්බේ කියලා?
ඔයා බීලද ඉන්නේ...?
නිකන් බොරුවට බුරන්න එපා. රට විනාශ කරලා දැන් කිඹුල් කඳුළු හෙලන්න එනවා. චක්ගෝලයා...
අයිතිකාරයා ඔය ඇවිත් තියෙන්නේ බේර ගන්න.
කුලීකරුවන් වෙනුවෙන් ඔබතුමාට නීතිය ඉදිරියේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය හැක... මයික් වලට වොයිස්කට් දීමෙන් ඵලක් වේවිද?