
(අංජුල මහික වීරරත්න)
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුද බිමේ අභිනවයෙන් ඉදිකරන ලද පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සහිත දෙමහල් මන්දිරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ විවෘත කෙරිණි.
පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍ය වන්දනා කිරීමට සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු වල යෙදෙන සියලුදෙනාගේ පහසුව පිණිස මෙම පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ඉදිකර තිබේ.
ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමිගේ අනුශාසනා පරිදි රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම දෙමහල් මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධික්ෂණය යටතේ ඉදිකර ඇත.
ඓතිහාසික සෝමවතී පුදබිම වෙත අද (06) ගිය ජනාධිපතිවරයා චෛත්‍ය අභියස ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඬුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරයද සිදු කළේය.
රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෝමාවතියට පුරාවිද්‍යා පර්යේෂණායතනයක්
සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 06 October 2025 07:28 PM
පුරාවස්තු වැඩිපුරම විනාශයට සහ අවධානමට ලක්වෙලා තියෙන්නේ... නැගෙනහිර හා උතුරු පළාත් වල ඒ නිසා ඒවා සංරක්ෂණය කරන පර්යේෂණ ආයතනයක් පිහිටුවීම වඩා කාලෝචිතයි.
සමන් - ඕමානය Monday, 06 October 2025 09:32 PM
සමරු ඵලකයක් විවෘත කළා... මං හිතාගෙන හිටියේ පුනරුද ආණ්ඩුවේ අය මේ සමරු ඵලක වගේ සුකුරුත්තන් දේවල් වලට කැමති නෑ කියලා.