IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සෝමරත්න දිසානායන ලෙස පෙනී සිටි තැපැල් සේවකයාට ඇප

(රෝෂන් තුෂාර)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායන මහතා ලෙස පෙනී සිට චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාව ලබා දෙන බව පවසමින්  තරුණියන් රවටා ලිංගික හිංසන සිදු කර මුදල්ද වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොල්ගහවෙල තැපැල් සේවකයා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය (21) නියෝග කළාය.

ඉසුරු මධුමාල් කරුණාදාස සැකකාර තරුණයා මෙසේ රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

සෝමරත්න දිසානායක මහතා ලෙස පෙනී සිටිමින් අදාළව වරදවල් සිදු කළ බවට පිළිගැනීමට සූදානම් බවත්,එමගින් සෝමරත්න දිසානායක මහතාට සිදුවූ අප කීර්තියට හා අපහාසයට සමාව ගැනීමට සූදානම් බවත් එම සමාව ගැනීම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සිදු කිරීමට අපේක්ෂා කරන බවටත් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

අගතියට පත් සෝමරත්න දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් සෝමරත්න දිසානායක මහතාට මෙම සිද්ධිය හේතුවෙන් විශාල අප කීර්තියක් වුවද සැකකරු වරද පිළිගැනීමට සූදානම් හෙයින් වන්දි මුදලක් අපේක්ෂා නොකරන බව සඳහන් කළේය.එහෙත් මෙම සිද්ධියෙන් සෝමරත්න දිසා නායක මහතා මෙන්ම තවත් තරුණියන් විශාල පිරිසක් අගතියට පත්වී ඇති බැවින් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සැකකරු අධිකරණයේදී හා ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් සමාව ගත යුතු බවට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරු මුහුණු පොත ඔස්සේ හඳුනාගන්නා තරුණියන්ට  වට්ස් ඇප් සමාජ ජාලා ඔස්සේ  පණිවිඩ  ලබාදෙමින්  චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා මෙම වංචනික ක්‍රියා සිදු කර ඇති බවය.

සෝමරත්න දිසානායක මහතා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව  වසර දෙකක් විමර්ශන පවත්වා,ෆේස්බුක් සමාගමෙන් තොරතුරු රැස්කර සැකකරු අත්අඩංගුවට ගත් බවත්,තරුණියන්ට ලිංගික හිංසන කර ඇති සැකකරු ව්‍යාපාරිකයින් රවටා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට මුදල් ලබා ගෙන වංචා කර ඇති බවද පැවසීය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන්ගේ නිරුවත් රඟපෑම් වට්ස් ඇප් නරඹා ඇති බවත්,එම දර්ශන ටෙළිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ  වෙනත් පුද්ගලයින්ට මුදලට අලෙවි කර ඇති බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බවද පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට එරෙහිව චෝදනාපත්‍රයක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළාය.

අදාළ චෝදනාපත්‍රයට සැකකරු වරද පිළිගැනීමට සූදානම් බවට ප්‍රකාශ කරන හෙයින් ඇප මත මුදා හැරීමටද නියෝග කෙරිණි.



අදහස් (0)

සෝමරත්න දිසානායන ලෙස පෙනී සිටි තැපැල් සේවකයාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site