IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි

(චන්ද්‍රසේන ගමගේ)

නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මිය ගොස් තිබූ බව සූරියවැව පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ සූරියවැව වීරියගම ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් දරු මවක් වන විජයමුනිගේ එනෝකා හර්ෂණී නම් 38 වියේ පසුවූ කාන්තාවක් හා ඇයගේ පස් හැවරදි පුත්‍රයා වූ වීරසිංහගේ ගඟන ඉදුවර නම් අයයි.

නිවසේ හිමිකරු විසින් මීට ටික දිනකට පෙරදී කුඩා ලොරි රථයක් මිළදීගෙන ඇතිි අතර එම ලොරි රථය නිවසේ නවතා තිබියදී මීට පෙර දිනයකදී ලොරි රථයේ බැටරිය සොරුන් විසින් ගලවාගෙන ගොස් තිබේ.

ඊට පිළියමක් ලෙස සොරුන්ගෙන් ලොරි රථය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම අනවසර විදුලි රැහැන නිවෙස් හිමියා විසින් ඇද තිබුණු බව පොලිසිය කියයි.

එසේ අදින ලද අනවසර විදුලි රැහැනේ විදුලිය විසන්ධි කිරීමට නිවෙස් හිමියාට නොහැකි වී මෙන් ඔහුගේ බිරිඳ හා පුත්‍රයා මෙම අනතුරට ලක්ව තිබේ.

 



අදහස් (2)

සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි

Nimal 1 Friday, 07 March 2025 05:56 AM

රට බූරුවෙක් . විදුලිය සමග සෙල්ලම්, දිනෙක වෙයි දෝ ලෙල්ලම්. අනුන්ට අටවන උගුලේ තමන්ම ඇද වැටෙනවා

:       0       17

ගුණරත්න Friday, 07 March 2025 02:42 PM

අර බැටරිය උස්සපු හොරා මාලිමාවෙක් වෙන්න ඕන, ඔවුන් හරිම කුහකයි, ඊර්ශාවෙන් පුපුරනවා, අපි දන්නවානේ ගම් වල ඉන්න මාලිමාවුන් ගැන.

:       9       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 793 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site