IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.

සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු වන සයිමන් විදානලාගේ  චන්ද්‍රසිංහ මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා තෙක් බලපැවත්වෙන අන්දමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහිර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.

සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු සයිමන් විදානලාගේ චන්ද්‍රසිංහ මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ඇතුළු පිරිසන් නම් කර ඇත.

සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකාර ධුරයේ තමන් කටයුතු කිරීම වළකාලන්නැයි හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ අතුරු නියෝගය නිකුත් කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඊට අමතරව බස්නායක නිලමේධූරය සඳහා පවත්වන නිළවරණයයෙදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වළකාලමින්  නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර ඇත.

තත්ත්වය එසේ තිබියදී පසුගිය පෙබරවාරි 05 වැනිදා එක්තරා පුවත්පතක ‘හිටපු නිලමේ රත්නපුර සමන් දේවාලයේ වැඩබාර ගනී” යන ශීර්ෂය යටතේ පුවතක් පළ වු බවත් හිටපු බස්නායක නිලමේවරයාට යළිත් එම තනතුරේ කටයුතු කිරීමට අධිකරණය කිසිවිටකත් අතුරු නියොගයක් නිකුත් නොකළ බව සඳහන් කරන පෙත්සකරු මේ තත්වය යටතේ හිටපු බස්නායක නිලමේවරයා අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කර ඇතැයිද මේ තත්වය යටතේ සාධාරණ හා නීත්‍යානුකූල මැතිවරණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද ස`ඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේධූරය සඳහා නිලවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ නිළවරණය පැවැත්වීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය පෙත්සම ලබන 20 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියේය.



අදහස් (3)

සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්

Perera Monday, 10 February 2025 11:25 PM

දේවාලේ වැඩ වලට දෙවියන්ගේ පිහිට නැහැ වගේයි

:       0       0

කහංගම Tuesday, 11 February 2025 07:51 AM

අමුතු නමක් තියෙන්නෙ සාමාන්‍යයෙන් විදානෙලාගෙ කියන නමට මුලින් ගමක නමක් යෙදෙනවා මට හිතෙන්නෙ එම ගම දේවාලෙට සම්බන්ධයත් තියෙන්න ඕන කියලා

:       1       1

Lalla Tuesday, 11 February 2025 09:26 AM

මහජනයාට හරියටම අවශ්‍යම තොරතුර නැතිව අනිත් ඔක්කොම තාක්ෂණික දේවල්. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය අංශයේ තරම.... ඔළු ගෙඩි 225 මාරු කරා කියලා විතරක් අපේ රට වෙනස් කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site