IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සමෘද්ධියේ කෝටිපන්දාහක් පිට පාරේ ගිහින්

(සුජිත් හේවාජුලිගේ)


සමෘද්ධි අරමුදලේ මුදල් රුපියල් කෝටි 4952 කට වැඩි මුදලක් විවිධ ස්ථානවල  ආයෝජනය කර තිබුණද ඒ  කිසිදු මුදලක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට වාර්තා ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 

ඒ අනුව මෙමගින් රජයේ මුදල් අවභාවිතා වීද යන්න පරීක්ෂා කළ නොහැකිවීම හේතුවෙන් මෙම මුදල් රජයේ මූල්‍ය පාලනයෙන් බැහැර වී ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි  එම වාර්තාවේ දැක්වේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බැංකු මූල්‍ය අංශයේ  සතුව රක්ෂණ අරමුදල් ද ඇතුළුව ව්‍යවස්ථාපිත නොවන අරමුදල් පහළොවක් පවතින බවත් එයින් අරමුදල් නවයක් අක්‍රීය අරමුදල් බවත් විගණන කාර්යාලය පවසයි.

2023 වර්ෂයේදී සියයට 11හි සිට සියයට 26 දක්වා පොලී අනුපාතය යටතේ මෙම මුදල් අයර්ජනය කර තිබුණත් බැංකු වෙත ලබාදී තිබුණු පොලී අනුපාතිකය සියයට පහක් අඩු වූ බව නිරීක්ෂණය වී ඇත. මෙයින් සමෘද්ධිලාභීන්ට ගෙවිය යුතු පොලිය සියයට හතරක් බවත් අනිවාර්ය ඉතිරි කිරීම් මුදල් සෘජුවම බැංකු වෙත ප්‍රේෂණය නොකර බැංකු මූල්‍ය අංශය තුළ රඳවාගෙන ආයෝජනය කිරීමෙන් ප්‍රජා මූල බැංකු විසින්ම ආයෝජනය කර පොලී ආදායම උපයා ගැනීමේ අවස්ථාව අහිමිවීම නිසා එම මුදල් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ඇති අවස්ථාවද අහිමිව පැවතුණ බව එහි සඳහන් වේ.

සමෘද්ධි බැංකු සහ  බැංකු සමිතිවල  රුපියල් කෝටි 23 කට වැඩි මූල්‍ය  අක්‍රමිකතා 165 ක්  පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම අක්‍රමිකතා සිදුවී ඇතැයි පැවසෙන්නේ  2019 වර්ෂයේ සිට 2023 මාර්තු 31 දක්වා කාල පරිච්ඡේදයේදීය මින් අක්‍රමිකතා පහලවක විමර්ශන කටයුතු අවසන් කර නොතිබූ බවද එහි වාර්තාවක දැක්වේ.

නිලධාරීන් මෙසේ දිගින් දිගටම මූල්‍ය වංචා කිරීමට බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු හා විනය නියෝග තුළින් දඬුවම් ලිහිල් වීමද හේතු වී තිබුණු බව විගණන කාර්යාලයේ නිරීක්ෂණයවී ඇත.



අදහස් (2)

සමෘද්ධියේ කෝටිපන්දාහක් පිට පාරේ ගිහින්

Ramani Wednesday, 08 January 2025 10:57 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       3       11

රුවන් Wednesday, 08 January 2025 07:28 PM

ලක්ෂ ගානක් හොරා කාලත් මදිද? කෝටි ගාණක් ඇයි හොරා කන්නේ? ඇත්තටම මේ හොරාකාලත් මේ රට දුවනවා නම් හොරකම් බිංදුව නම් ලංකාව සිංගප්පූරුව වගේ දියුණු කරන්න පුළුවන් අවුරුදු 10න්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site