IMG-LOGO

සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි

ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ස්කොට්ලන්ත ජාතිකයකු වන හොලිවුඩ් නළු ෂෝන් කොනරි මියගොස් ඇතැයි වාර්තා වේ. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.

1988 වසරේදී ඔස්කාර් සම්මානය ද දිනාගත් කොනරි දශක පහක පමණ කාලයක් රංගන කාර්යයේ නිරත විය.

හයිලෑන්ඩර්, ඉන්ඩියනා ජෝන්ස්, ද රොක්, ද ලාස්ට් කෘසේඩි, හන්ට් ෆො රෙඩි ඔක්තෝබර් ඔහු ජනප්‍රියත්වයට පත් අනෙකුත් විත්‍රපට වේ.

කොනරි වෘත්තීයෙන් හමුදා නිලධාරියෙකි. වසර 2000 දී බ්‍රිතාන්‍යයේ නයිට් පදවියෙන් ද පුදනු ලැබූ කොනරි 2008 වසරේදී සිනමා දිවියෙන් විශ්‍රාම ගියේය.

කොනරිගේ පුත්‍රයා පවසා ඇත්තේ කොනරි කලක සිට අසනීපයෙන් පසුවූ බවයි.

කොවිඩ් අවදානම පහව ගිය වහාම අනුස්මරණ උත්සවයක් පැවැත්වීට කටයුතු සූදානම් කර ඇති බව කොනරිගේ ප්‍රකාශිකා නැන්සි සෙප්ට්සර් පවසයි.

බීබීසී ඇසුරිනි

085



අදහස් (8)

සුප්‍රකට නළු ෂෝන් කොනරි මියයයි

විජිත් Saturday, 31 October 2020 07:14 PM

මගේ චුටිම කාලයේ මගේ හිතේ හැමවෙලේම රඟපෑ චරිතයක් තමයි ජේම්ස් බොන්ඩ්. මට මතකයි මම තන්ඩර්බෝල් දෙවෙනිවර පෙන්වද්දී බැලුවා. ඒ කාලයේ ඩීමන් ආනන්දගේ පොත්කියලා පිටු 96 ක කතා පොත් තිබුනා. ඒ පොත්වල කියවුනේම ජෙම්ස්බෝන්ඩ් ගේ වැඩ කිඩ. පාසලේදී ඔය පොත් කියවලා අහුවුනොත් ඉතින් ඉවරෙටම ඉවරයි. ඒ කාලයේ නිතරම වගේ ඔය ඩීමන් ආනන්දගේ ජෙම්ස්බෝන්ඩ් පොතක්, දෙකක් පාසලේදී අපේ යහළුවන් අතරේ හුවමාරු වෙනවාමයි. පොතක් බලලා ඉවරවුනාට පස්සේ ඉතින් ජෙම්ස්බෝන්ඩ් මතේ ඔළුවට ගහලා කොල්ලෝ එක්ක වලි ඇදගත්ත මගේ යහළුවනුත් හිටියා. මම හිතාගෙන හිටියේ ලංකාවේ ඩීමන් ආනන්දගේ කතන්දර තමයි ෆිල්ම්ස් හදන්න ගන්නේ කියලා. නමුත් දවසක් මගේ තාත්තා මට කියලා දුන්නා ඉයන් ෆ්ලෙමින්ග් තමයි ජෙම්ස්බෝන්ඩ් ගේ නිර්මාතෘවරයා කියලා. එදාමෙදාතුර ජේම්ස් බොන්ඩ්ගේ චරිතය නළුවන් කිහිප දෙනෙක්ම රඟපෑවා. නමුත් ෂෝන් කොනරි තරමටම අනෙකුත් නළුවන්ගේ රඟපෑම් මා සිත් නොගත්තේ ...මම ෂෝන් කොනරිගේ රඟපෑමට වශීවී සිටිනිසාද..? නැතිනම් ඇත්තටම ඔහුගේ රඟපෑමේ විශිෂ්ටත්වය නිසාද කියා තවමත් නොදනිමි. ලෝකයක් වශිකල ඒ විශිෂ්ට රංග වේදියානන්ට ඔහු පැතු ලෙස දෙවියන්ගේ රාජධානියේ දොරටු විවරවෙවා...!!!

:       3       48

pakeer Sunday, 01 November 2020 03:14 AM

අපි පුංචි කාලේ ආසාවෙන් බලපු රොබින් හුඩ් එකේ රගපාන්නේ මෙයාගේ පුතා ජෙසන් කොනරි. තාත්තා වගේම දක්ෂ මිනිස්සු සිත් සතන් ඇතුළටම ගිය නලුවෙක් එයත්...

:       0       11

Lion Sunday, 01 November 2020 04:19 AM

ඔබ වැනි දක්ෂ නලුවෙකු බිහිවන්නේ කලාතුරකිනි.. අප තරුන වියෙ ඔබ අප කුල්මත් කල අයුරු කවදාවත් අමතක නොවේ.

:       1       3

Bamunuarachchi Sunday, 01 November 2020 05:10 AM

යුග 3 කට වඩා කාලයක් අප පිනවූ අති දක්ෂ නළුවෙක්. මගේ සංවේගය...!

:       1       6

Nuwan Sunday, 01 November 2020 06:09 AM

කුඩාකල සිට මගේ සිත්ගත් දක්ෂ නලුවෙක්... ඔබට නිවන් සුව...

:       0       2

Bamunuarachchi Monday, 02 November 2020 11:42 AM

කවුද අර ඩිස්ලයික් දාපු ගොබ්බයා.... ?

:       1       0

Bamunuarachchi Monday, 02 November 2020 11:47 AM

ඉපදුනොත් මැරෙනවා මැරුනොත් නැවත, කරලා තිබෙන පව් පින් අනුව, කොහේ හෝ උපදිනවා. ඒ ඉපදුණාම කර තිබෙන කර්මවලට අනුකුලව ලෙඩරෝග සහ දුක සැප අයිති වෙනවා. ඔබ පව්කාර නොමැතිනම් ඇමරිකාවේ දක්ෂ නළුවෙකු වීමේ වාසනාවෙන් නැවත උපදින්න.

:       0       0

Bamunuarachchi Monday, 02 November 2020 11:54 AM

ඔබලා දක්ෂය නළුවන් වුනේ අධ්‍යක්ෂවරුන් නිසා යයි මට සිතෙනවා. ඔබලාගේ රඟපෑම් නිවැරදි කරන්න ඒ කාලේ කොපමණ සෙලුලොයිඩ් පටි අහක යන්න ඇද්ද? ඔබලාව පුහුණු කරන්න කොපමණ වියදම් කරන්න ඇද්ද? ඒ බව "ගෝඩ් ෆාදර්' බැලීමේදී කියවෙනවා. අන්තිමට අපි කියනවා ඔබලා දක්ෂ නළුනිළියන් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site