IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


’’සුදු අලි’’ ආයතන වසා දමන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතුදැයි කල්පනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ආර්ථික සමුළුව අමතමින් පැවසීය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සූදානම් බව කී ජනාධිපතිවරයා සමහර ආයතන වසා දමන්නටත් සමහර ආයතන ඒකාබද්ධ කරන්නටත් ඇතැම් ආයතන වල විෂය පථය වෙනස් කරන්නටත් සිදු වෙනු ඇතැයි කීය.

එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මේ දිනවල හඳුනා ගැනීම් කරමින් සිටින බව කී ජනාධිපතිවරයා එය අභියෝගාත්මක තීන්දුවක් බව දන්නා නමුත් කළ යුතුම ක්‍රියාවක් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ යැයි පැවසීය.

මෙතෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා ගෙන ගිය පරිපාලනය අසාර්ථක මෙන්ම දූෂිත විනාශකාරී බව කී ජනාධිපතිවරයා එම නිසා බොහෝ ආයතන ප්‍රමාණයක් රාජ්‍ය අයවැයට බරක් වී තිබෙන බව සඳහන් කළේය.

පැරැණි කෝණයෙන් ආයතන දෙස බලන්නේ නැතිව ආයතන ව්‍යුහාත්මක වෙනසකට ලක් කරන්නට රජය සූදානම් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (9)

’’සුදු අලි’’ ආයතන වසා දමන්න වෙයි

තේරුනේ දැන් තමයි Wednesday, 29 January 2025 02:46 PM

ඒක තමයි bro මෙතෙක් පැවැති රජයවල් හැමදාම කිව්වේ... ඒත් ඒවා කරන්න නොදුන්නේ ඔහේලාම නෙවෙයිද? ඒවා කරන්න හදපු හැම වේලේම කකුලෙන් ඇද්දේ කවුද? ඔහේලාගේ වෘත්තීය සමිති කාරයෝ නේද?

:       8       51

ගුණරත්න Wednesday, 29 January 2025 02:58 PM

එතකොට ශ්‍රී ලන්කන් ගුවන් සේවය? ඒක නම් සුදු අලියෙක් තමයි.

:       4       41

පක්ෂෙ Wednesday, 29 January 2025 03:16 PM

ඔය ආයතන විනාශ වීමට මූලික හේතුව පරිපාලනයේ අසාර්ථක භාවයට වැඩිය තමුන්ගේ පක්ෂේ අටවාගෙන තියන වෘත්තීය සමිති...

:       5       44

Nimal Wednesday, 29 January 2025 03:34 PM

රනිල් කියපුදේ සත්‍යයම බව ජනතාව දන්නවා. ඒත් ජනතාව රනිල්ට අකැමැති වුනේ රටේ සංවර්ධනය අඩාල කිරීමට පිරිසක් 1971 සිට පසුගිය ජනාධිපතිවරණය දක්වාම බාධාකිරීමට කටයුතු කරපු නිසා තමයි ජනතාව රටේ සංවර්ධනයට අකැමැති නැහැ. ජනතාව මෙවර කලේ ඌරාගේ මස් උගේම ඇගේ තියලා කපනවා වගේ රටේ කැරැලි ගැසීම් හා වර්ජන මෙහෙය වූ පිරිසටම බාරදීම පමණයිනේ... දැන් ඉතින් අතීතයේ කළ විවේචනයෙන් පෙන්වූ වැරැදි නොවෙන සේ රටේ සංවර්ධනය කරන්නම වෙනවා. බැරිවුනොත් Sorry .com තමයි.

:       14       43

Janaka Wednesday, 29 January 2025 03:54 PM

මූණෙන් පච වැක්කෙරෙනවා...

:       19       36

Don perea Wednesday, 29 January 2025 05:14 PM

රනිල් කිව් දේ හරි, නමුත් ලංකාවේ බයියන්ට ඒක තේරෙන්නේ නැහැ.

:       5       26

ලක්විදු Wednesday, 29 January 2025 10:44 PM

මෙතැන කමෙන්ට්ස් දාන පිංවත් මහත්වරුනි, ඒ ගොල්ලෝ විකිණුවේ කෝටි ගණන් ලාභ ලබපු ආයතන, ඒකයි වෙනස. ගුවන් සේවය ලාබ ලැබිය හැකි ආයතනයක්...

:       0       0

de silva Thursday, 30 January 2025 08:19 AM

ජයවේවා ජනාධිපතිතුමා, ඒක හරි තීරණයක්, අපි ඔබ සමගයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන්ම පටන් ගන්න එකෙන් තමා ලොකුම පාඩුව ලැබෙන්නේ... ඔය රාජ්‍ය සේවයේත් වැඩිපුර සිටින නිලධාරින්, රේගුව, ආගමන විගමන, මෝටර් රථ දෙපාර්තමේන්තුව වැනි නිලධාරින් අඩුනිසා වැඩ ප්‍රමාද වෙනවා.. කියන ස්ථානවලට දමලා හෝ වැඩිපුර සිටින මිනිස්සු ගෙදර යවලා හෝ වියදම් අඩු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදමු. අපේ සහල් කිලෝ එකෙන්..., සීනි 250 ගෙවන බදු වලින් සුදු අලි නඩත්තු කරනවාට සමහර මෝඩ වහල් බයියෝ කැමැති වුණාට රටේ උගත් බුද්ධිමත් බහුතරයක් කැමැති නැහැ. ඉහත සඳහන් කළ ආකාරයට ක්‍රියා කළොත් ඔය ඔබ කියන ලස්සන පොහොසත් දේශය හදන්න පුළුවන්... නැති නම් ඔබටත් වෙන්නේ නන්දසේනට වුණු දේ, රට වැටෙන්නේ ගල් යුගයට...

:       0       1

අරුණි Thursday, 30 January 2025 11:00 PM

නෑ, අපි එහෙම වහන්න දෙන්නේ නෑ. ඒ ආයතනවල මනා කළමනාකරණයක් ඇති කොට, නව රැකියා අවස්ථා ජනිත කොට, තරඟකාරිත්වය තුලින් ලාභ උපයන ආයතන බවට පත්කිරීම ඔබේ වගකීම සහ පොරොන්දුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 685 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 983 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1120 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 319 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1712 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 590 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site