IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සජිත්, බුද්ධිකට ලොකු වැඩක් පවරයි

(අංජුල මහික වීරරත්න)

ජනතාව ඉල්ලන සමාජ ප්‍රතිසංස්කරණ ඉටුකිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයෙන් පිහිටවූ ජාතික වැඩපිළිවෙළක් සැකසීමේ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණු ආර්ථික දේශපාලන හා සමාජය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණ ඇතිව නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මෙම මහලේකම් කාර්යාලය පිහිටුවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය .

ජනතාව විසින් ඉල්ලා සිටින  සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම සහ සමාජ  ප්‍රතිසංස්කරණ සඳහා ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කිරීම මෙම  මහලේකම් කාර්යාලයේ අරමුණ බව ද බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.



අදහස් (10)

සජිත්, බුද්ධිකට ලොකු වැඩක් පවරයි

කිරි පුතා Thursday, 30 June 2022 02:59 PM

රටේ තත්ත්වය දඩමීමා කරගෙන නටනවා.. හැබැයි ජනතාවට නියම ආතල් දෙන්නේ... ඒකත් හොඳයි. මොකද ජනයා පීඩනයකින්නේ ඉන්නේ...!

:       9       27

දාස Thursday, 30 June 2022 03:09 PM

මේ අමු මිරිස් කාපු හාදයා නේද?

:       5       24

sisiraThursday, 30 June 2022 08:33 PM

එක්සත් ජාතික පක්ෂයෙන් නොයන බවට මාධ්‍ය ඉදිරියේ ලේ වලින් අත්සන් කරපු රනිල් මහත්මයාගේ ගෝලයෙක්, නමුත් පක්ෂයෙන් ගියා. සජිත් සමග සිටින්නේ මෙවැනි වවුලන්ට වෙන යන්න තැනක් සහ වෙනත් එල්ලෙන තැනක් නැති නිසා

:       0       0

දිසා... Thursday, 30 June 2022 03:17 PM

හොඳයි. අවංක පුද්ගලයෙක්. යමක් කළ හැකි අයෙක්...!

:       20       18

matara Thursday, 30 June 2022 07:58 PM

අවංකයි රාජපක්ෂලාට, පට්ට බොරු කාරයින් තමයි.

:       4       9

duplicate Ralahami Thursday, 30 June 2022 04:31 PM

මෙතුමාට හැකියාවක් තිබෙන අවංක කෙනෙක් රටට ඕනේ.. මෙවැනි හොර බොරු නැති අය...! 

:       11       8

Surain Thursday, 30 June 2022 04:37 PM

රටට ජනතාවට යහපත් දේ කරන්න ඔබට හැකි වේවා...! 

:       12       8

matara kolla Thursday, 30 June 2022 07:55 PM

මෙලෝ රහක් නැති පොරක්... රාජපක්ෂ නමත් කියන්න බයයි. බුද්ධික පතිරණ සජිත්ට ගැලපෙනවා.

:       4       14

ගමය Friday, 01 July 2022 09:13 AM

මුන්ට සැලැස්මක් වත් තවම නැහැ අනේ අම්මෝ මෙහෙමත් විපක්ෂයක්. දැන් තමයි සැලසුම් හදන්නේ. ඕක ඉවරවෙනකොට වෙන එකෙක් ජනාධිපති වෙලත් ඉවරයි. ඔබතුමාට රටක් පාලනය කරන්න බෑ කියලා තේරෙන්නේ නැත්තේ ඇයි. ඔය විපක්ෂ නායක කම දෙන්න බැරිද ළමයෙක්ට මේ වෙලාවේ ගොඩක් වැඩ කරයි රට වෙනුවෙන්. ගොටභය මහත්තයත් ගෙදර ගිහින් ගොඩක් කල් එහෙනම්. ඕවා මොනවා හරි කර කර ඉන්න එතකොට ජනාධිපති වෙන්න පුළුවන් වෙයි ශ්‍රීලංකා වේ...........

:       0       0

Sanju Friday, 01 July 2022 10:58 AM

හොඳ හිතක් තියෙන මනුස්ස්යෙක්. රජයෙ මුදල්වලින් හරි මිනිස්සුත් ගෙවල් හදාගන්නත් උදවු කලා. අනිත් උන් වගේ තමන්ගෙ මඩිය තර කරගත්තෙෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site