(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පුරප්පාඩු වූ මන්ත්‍රි ධූරය සඳහා නෙයියාතම්බි මරික්කාර් තාහිර් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (5) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
එසේ දිවුරුම් දීමෙන් පසු තාහිර් මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ස්මයිල් මුත්තු මුහම්මදු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා තාහිර් මහතා නම් කිරීමට එම පක්ෂය පසුගියදා තීරණය කළේය.
ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පුරප්පාඩුව සඳහා තාහීර් මහතා පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
1991දී කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් දේශපාලනයට පිවිසිතාහිර් මහතා 1997දි එම සභාවේ සභාපති ධුරයට පත් වූයේය.
පසුව ඔහු වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස 2004 සිට කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සජබ මන්ත්‍රී තාහිර් දිවුරුම් දෙයි