(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කරන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මේ වැඩ කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇත.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ සහ තලතා අතු කෝරල මහත්මියගේ මූලිකත්වයෙන් ඉකුත් මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි විය.
නමුත් වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳව නැගෙන යෝජනා වලට පිළිතුරක් ලබා දෙමින් එජාප සජබ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකය සඳහන් කළේය.
එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පූර්ණ නිදහස ලබා දී තිබේ.
සජබ, එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද ඉකුත්දා ප්‍රකාශයට පත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් එක්ක ගිහින් පක්ෂය නැති කරපු අය ගත්තොත් අපිට වෙන අතක් බලා ගන්න වෙනවා.
ඒක සාර්ථක උනොත් රටේ කරුමෙට තමයි.
අර මොංගල් නිදන් මෑන් නැතුව , ඕන කෙනෙක් එකමුතුකරගෙන ඉදිරියට යන්න . ඒ දවස්වල අලි රජා වෙන්න පක්ෂයම නැති කළා කියන එක අමතක කෙරුවොත් ඒක විහුළුවක් වෙයි . ලැජ්ජා නැති දෙයක් වෙයි . තර්ස්ත මාෂල්
නවීන් දිසානායක කියාසිටින්නේ ( මාධ්‍යයට ) අවස්ථව දෙන්නේ නැතිලු අවස්ථව " නායකත්වය " අපි ගත යුතුයි ලු . නායකත්වය ලබාගනිම සදහා සැලසුම් සකස් කිරීම නොව රටේ ගැටළු විසදීමට විසදුම් ලබාදියහැකි පුද්ගලයනට නායකත්වය ලබාදිය යුතුවේ. පක්ෂයට නායකයන් තෝරාගැනීමක් කරන්නේනම් නිර්මාණශීලි අවංක පුද්ගලයනට අවස්ථව ලබාදෙන්න. unp පක්ෂය වෙනුවෙන් රවී කරුණානායක පාර්ලිමේන්තුවේ සිටිනවාලු. ජීවන් තොන්ඩමන් අලියා ලකුණින් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ ඇත. බලයට තන්හාව නොව බුද්දියෙන් කතාකරන්න. විසදුම් ඉදිරිපත් කරන්න
නිවිතිගල මිනිසුන් අතුගාලා දැම්මා තලේ රටටම එපා. ඔය හදන්නෙ බල ලෝභී ජොලියව ගන්නයි
ඔය හදන්නෙ සජබෙ දෙකඩ කරලා විනාශ කරන කුමන්ත්‍රනයක් ! එජපෙ හොරුත් එක්ක ඩීල් දාගෙන සජබෙ විනාශ කරන්න ඉඩ දෙන්න එපා
පළාත් පාලන මැතිවරණය අත ලග තියාගෙන ඕක කරන්න එපා එජාපෙ නායකයා කරන්නෙම සජබෙ විනාස කරන කුමන්ත්‍රණ සජිත්ට බැනලා ගියා තලතාලා එක්ක මොන සාකච්ඡාද?
අවුරුදු 76ක සාපයක්.. දැන්වත් තම තමන්ම භූමදානය වෙනවකෝ ලක් අම්මව මරාගෙන මස් කෑවා දැන් ඇති තොපි...
අනේ වික්‍රම මහතො ලක් අම්මාව දැඩියෙන්ම මරන් කැවෙ 1971 87 88 89 අරගල කරපු හාදයො නෙමෙයිද
හැම ඡන්දයක් ළඟකම ඔයවගේ හොරු එක්ක එකතු වෙන ඒවා ගැන කතාකරන්න ගිහිල්ලා සජබෙ ජනතාවගේ විශ්වාසය නැති කරගත්තා... සීයා එජාපේ ඉන්නකම් ඔය සකච්ඡා කරන්න ගිහිල්ලා සජබෙ අමරුවේ වැටෙනවා.