
(විමුක්ති එස් රුද්‍රිගු)
සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි.
ශ්‍රී ලංකාව, මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට සහ සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර ඒ අනුව ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 6 දී තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.29 ක් මුදල සංචාරක කර්මාන්තයෙන් උපයා ගත යුතුව ඇත.
එසේම මෙම වසරේ පළමු මාස 6 ශ්‍රී ලංකාවට සංචාරකයන් 1,168,044 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 පළමු මාස 6 දී මෙරටට පැමිණි සංචාරකයන් 1,010,249 සාපේක්ෂව සියයට 15.6 ක වර්ධනයකි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංචාරක කර්මාන්තයේ සිඝ්‍ර වර්ධනයක්
ගුණරත්න Sunday, 06 July 2025 08:39 AM
ජේ ආර් කාලෙත් ලංකාවේ සීයට 8ක තරම් වේගයෙන් සංවර්ධනය වෙමින් පැවතුණා. ඒත් කොටි ත්‍රස්තවාදීන් උතුරේත් දකුණේ ජවිපෙ ත්‍රස්තවාදීනුත් එකතුව මේ රට විනාශ කරලා දැම්මා. රට වෙනස් කළ හැකිව තිබූ ආයෝජන හරවා යැව්වා. කර්මාන්තශාලා වැස්සුවා. සංචාරකයෝ මේ රටට එන එක නැවැත්තුවා. අන්තිමේ යාන්තම් ඔලුව උස්සන් එනකොට වර්ජන තර්ජන කරමින් කළ හැකි සියලුම බාධා කළා. සහරාන් ඇතුළු අයි එස් ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවන්න කලින් මේ රට ඉතා හොඳ තත්වයක තිබුණා... එහෙම කාලෙකත් නැති බිල්ලන් මවමින් රටේ නොසන්සුන්තා ඇති කලේ කවුද? පරණ පත්තර පෙරලා බලන්න කවුද ඒවා කලේ කියලා...!