IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සාගලගේ රථ පෙළ වීඩියෝ කළැයි තරුණයක් අල්ලයි

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ  ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි  සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි  පුද්ගලයෙකි. 

කොල්ලුපිටිය අර්නස්ට් ද  සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන ඇත. 

සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි  පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර  පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි අයි පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස්   ආරංචි මාර්ග සඳහන් කරයි      

කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි                                                     



අදහස් (24)

සාගලගේ රථ පෙළ වීඩියෝ කළැයි තරුණයක් අල්ලයි

sachith Friday, 05 July 2024 02:48 PM

මෙව්වා ඉතින් හොඳම විහිලු, අච්චර ගහනවා කියලා නම් ගම් ලිපින දීලා තිබ්බා පාස්කු ප්‍රහාර නැවැත්තුවේ නැ කොහෙවත් ඉන්න පොඩි ළමයෙක් අල්ලගෙන හිරේ දානවා

:       4       165

Lankaputha Friday, 05 July 2024 02:53 PM

එම සීමාවේ සිසිටිවි දැම්මොත් මොකද?

:       3       98

රෝයි ෆෙඩ්රික්ස් Friday, 05 July 2024 02:59 PM

අම්මට උඩු ! ඡන්දෙන් පැරදිච්ච හාල් පාරුවොත් යන්නේ රථ පෙරහරෙන්ද ?කකුළුවෝ දිය කෙලින්නේ හැළිය රත්වෙන තුරු පමණයි

:       4       157

කමල් Friday, 05 July 2024 03:06 PM

වීඩියෝගත කරන්න බැරි දේවල් ලිස්ට් එකක් නීතියේ තියෙනවද?

:       2       132

විජිත් Friday, 05 July 2024 03:09 PM

සාගල නෝනාගේ ඔය වී අයි පී රඟපෑම් ඔක්කොම ඡන්දෙන් පස්සේ ඉවරයි. ඊට පස්සේ බැල්ලි මාක් තමයි.

:       5       130

විකී Friday, 05 July 2024 03:21 PM

මැණිකක් රකිනා නාරජිදෙකු සේ මම ඔබ නිරතුරු රකිමී. මීට විකී

:       3       104

ලසන්ත Friday, 05 July 2024 03:30 PM

මෙයාගේ තනියට යන වාහන, රියදුරන්, නිළධාරීන්, ඉන්ධන වෙනුවෙන් මාසයකට කීයක් රජය වැයකරනවාද?

:       2       131

kumara Friday, 05 July 2024 03:46 PM

රටේ හැම ජනපති ආර්යාවකටම විශේෂ ආරක්ශාවක් අවශ්‍යයි.. මොහුව හිරේ දමා හිස ගසා දමනු...

:       4       89

චන්දිම Friday, 05 July 2024 03:57 PM

ඔන්න බලන්න පොහොට්ටු බයියන්ට මිනිස්සු මහා ලොකුවට 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා. ඒ ඡන්දේ අරගෙන අරපිරිමැස්මෙන් කල්පනාවෙන් රට දියුණු කරනවා වෙනුවට අන්තිමේදී පෙරේතයෝ වගේ කරන්න තියෙන ඔක්කොම දූෂණ ඉහටත් උඩින් ගසාගෙන කන්න ගිහින් අන්තිමේදී පොළවට කඩා වැටුණා. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ අන්තිමට මෙලෝ ජනවරමක් නොලැබිච්ච මේ හාදයින්ට ඒ ජනවරම ලියලා දීලා ගිහින් දැන් මිනිස්සුන්ට නිකම් නිවට වෙලා බලන් ඉන්න වෙලා...

:       3       72

dhanushka Friday, 05 July 2024 04:13 PM

රත පෙලපාලි? බංකොලොත් කරපු රටේ මුන් ඡන්දෙනුත් පැරැදිලා ගෙවල්වල ලගින් නැතුව රථ පෙලපාලි යනවා.. මහජන සල්ලි නේද ඔය තවත් ලැජ්ජාවක් නැතුව විනාශ කරන්නේ...!

:       1       51

ලලිත් පුෂ්පකුමාර Friday, 05 July 2024 04:18 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ප්‍රභූ වෙමින් ජනතා මුදල් කාබාසිනියා කරන එකට ජනතාව මැතිවරණයක් තුළින් උත්තර දෙන්න බලාගෙන ඉන්නේ... ඒ නිසා මැතිවරණයකට එන්න...

:       1       46

පිටිගල මිලානෝ Friday, 05 July 2024 04:25 PM

කවුද සාගල…..? මොකෝ එයාට මොනාහරි කරයි කියලා බයවෙලාද….?

:       1       51

sene Friday, 05 July 2024 04:59 PM

ඔය පිරිමි ළමයාට සාගලට අනේ මන්දා, වැරදි දෙයක් කියවෙන්න පෙර නවත්වා ගත්තා

:       1       41

ගමේ එකාලා Friday, 05 July 2024 05:00 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත කාලකන්නි දේසපාලුවන්ට ආරක්ෂාව ...උන්ගේ වාහන වීඩීයෝ කරපු සිසුවා අත් අඩන්ගුවට.පුදුම නීතීයක් ?

:       1       48

mahesh Friday, 05 July 2024 05:04 PM

මුන්ගේ විඩියෝ කරලා මදි....අපේ සල්ලි වලින් සැප විදිනවා

:       1       46

SK Friday, 05 July 2024 05:17 PM

සාගලටත් ⁣රථ පෙලක් තියනවාද? අපේ සල්ලි

:       1       48

රනිල් වික්‍රමසිංහ Friday, 05 July 2024 05:18 PM

මම මෙච්චර ගාඩ් දාගෙන මේ අයව ආරක්ෂා කරද්දී, විකාර කියනවා මැණිකක් රකින නා රජිඳෙක් වගේ ඒකිව ආරක්ෂා කරනවලු. මම හිතන්නේ මට හොරෙන් විකාර එක්කත් මොකක් හරි අනියම් සම්බන්ධයක් ඇති, ඔව් දැන් මම නාකියිනේ. කරුණාකරලා ඔය "විකී" කියන එකාගේ ඇඩ්රස් එකයි ෆොටෝ එකකුයි හොයලා දෙන්න. මට කවුරුත් ලොකු නැහැ..

:       1       41

නන්දන පනා-මිලාකෝ Friday, 05 July 2024 07:04 PM

මොකෝ මැහුම් දාගන්න වෙයි කියලාද බය.?

:       0       23

Prabha Friday, 05 July 2024 07:32 PM

මොනවා වුණත් එයාට හොඳ ආදරණීය ස්වාමියෙක් ලැබිලා තියෙනවා...

:       0       21

kamal Friday, 05 July 2024 10:11 PM

කව්ද බන් අපේ සාගල නෝනගේ පින්තුර ගන්නේ?

:       0       1

Lalla Friday, 05 July 2024 10:33 PM

ඔය රථ වීඩීයෝ කලාට පොඩි එකාට කීයක්හරී දෙන්න. කිසිම කෙනෙකුට පලක් නැතී අපතයෙක් කරුමෙට උපදේශක කමට ගත්තද දන්නේ නැත

:       0       1

chandima Friday, 05 July 2024 11:23 PM

මොකට ඒ ළමයා වීඩියෝ ගන්න මැද්දෙන් ගියාද? අනික මේ පින් පඩිගන්න කෙනෙක් පාරේ යනවා කියලා වීඩියෝ කරන එක නවත්තන්නද කියන්නේ..? තව ටික දවසයිනේ..?

:       0       1

Asela Saturday, 06 July 2024 12:11 PM

තව පෝය හතරයි...

:       0       3

Rata Perata Saturday, 06 July 2024 12:50 PM

අද කාලේ කාන්තාවකට යන්නත් බෑ වීඩියෝ කරනවා. මේ පොඩි එකාව හිරේ දාන්න ඕනෑ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site