
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
මේ වන විට විගණන වාර්තාවක් මගින් සහ තවත් තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සැලසුම්කරණයේ දී සිදුව ඇති අක්‍රමිකතා, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම, බිල්පත් පියවීමේ අවිධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සංගීත ශිල්පීන්ට ගෙවීම් සිදු කිරීමේ දී අක්‍රමිතා සිදුව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර තමන් මේ පිළිබඳව අනාවරණය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කර ඇති බවත්, මෙම වංචාවට අදාළව වගකිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Smart Youth Night ප්‍රසංග මාලාව වෙනුවෙන් රුපියල් මිලියන 323 ක් වැය කර ඇති අතර අයවැයෙන් තරුණ කටයුතු සංවර්ධනය සඳහා වෙන් වන්නේ මිලියන 1000ක් පමණක් වන පසුබිමක මෙය බරපතල මූල්‍ය අවභාවිතයක් බවත්, තාරුණ්‍ය සවිබල ගැන්වීම පසෙකලා කර ඇති මෙවැනි දේශපාලන ව්‍යාපෘති කිසිසේත් ම අනුමත කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
Smart youth night ප්‍රසංග මාලාවේ දී සිදුව ඇති වංචාව පිළිබඳව පැහැදිලි කරමින්, මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට තරුණ සේවා සභාවේ රංග ශාලාවේ වහලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වහලයේ කොටස් බිමට පතිත වෙමින් පවතින බවත්, අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදවා කළ යුතු එවැනි අත්‍යාවශ්‍ය කටයුතු පසෙකලා දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් යොදවා ඇති බවත් ය. එම ස්ථාන දෙකෙහි ශ්‍රවනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුගතදාස වහල ගරා වැටෙද්දී සල්ලි වලින් ජෝගි දාලා
Mohan Mangala Mapa Sunday, 05 January 2025 07:04 PM
ඇයි වගකිව යුත්තෝ හොයන්නේ නැත්තේ?
ravin Sunday, 05 January 2025 07:56 PM
නැව ගිලුණත් බෑන් චූන් ගෝවේ... ගෝවේ ගෑණු පරාදයි... රූපේ මහද දිනායයි...
Pushpakumara Monday, 06 January 2025 03:38 PM
එතකොට වර්තමානයේ සිටින ඇමැති කෙනෙක් විනාශවෙමින් තියෙන මහාපරිමාණයේ වී ගබඩා 18 ක් බලන්න ගිහිල්ලා තිබුණා.. ඒ ගැන මොකද කියන්නේ...?