IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය සේවකයා රජයේ සේවකයකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවැසීය.

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් වෘත්තිකයින් පිරිසක් නියෝජනය කරන හෘදපෙනහළු නිවේශක වෘත්තිකයින්ගේ ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම වෘත්තිකයින් හට මෙරට පළමු වරට හෘදපෙනහළු නිවේශණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් (Higher Diploma in Clinical Perfusionists Training Programme – 2025/27) හදුන්වාදීමට සහ ඊට අදාළ විෂය මාලාව හදුන්වාදීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

ඊට අදාළ උත්සව අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජාතික රොහලේ Neuro Trauma ශ්‍රවණාගාරයේ දී පැවැති අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය (Education Training and Research (ET&R) මගින් මෙම වසර 02 ක පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙරට 1953 සිට හෘද ශල්‍යකර්ම සිදුකර ඇති අතර, එම කාලයේ සිට වෛද්‍යවරුන් මෙම තනතුරේ වගකීම දරා ඇත. 

වර්තමානය වන විට හෘදපෙනහළු නිවේශක තනතුරේ නිලධාරීහු 40 ක් පමණ සිටිති.



අදහස් (2)

සෞඛ්‍ය සේවකයා රජ්‍ය සේවකයකුට එහා ගිය නිලධාරියෙක් කරනවා

PGPThilak Monday, 11 August 2025 05:26 PM

පොලිස් ඇමැති අනුව පොලිසියේ සේරම පුරවැසියන්ට වඩා ලොක්කෝලු ! අධ්‍යාපන ඇමැති කියනවා ගුරුවරු තමයි හැමෝටම වැඩි ලොක්කන් කියලා! මෙයා කියනවා සෞඛ්‍ය සේවකයින් තමයි ලොක්කෝ කියලා! පුරවැසියන් විදියට අපිට ඔය හැමෝම සේවය කරන විදිය දන්නවා...! ඉස්පිරිතාලවලට ගියාම අහිංසක අපට සලකන්නේ සත්තුන්ට වගේ...! පුරවැසියන්ගේ අයිතීන් අමතක කරලා නිලධාරින් ඔසවා තැබීම තවත් දූෂිත පාලන ක්‍රමයක් බව පාලකයන් සිහියේ තබාගත යුතුයි! ඊළඟ ඡන්දයකදී පුරවැසියන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අදූෂිත දේශපාලන නායකත්වයකට සහාය දෙමු..!

:       11       5

ලුම්බිණි Tuesday, 12 August 2025 05:44 AM

එහෙනම් රජයේ සේවයෙන් ඒ අය අයින් කරන්න . මොනවද මේ කියන ගොන් කතා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site