
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබීමෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවද අමාත්‍යවරයා කීය.
එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන සාකච්ඡාමය වැඩසටහන් අතරතුර දී ය.
වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග අමාත්‍යවරයා සාකච්ඡා පවත්වනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා සූදානම් වෙන්නේ සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දෙන්න...! දැනටමත් ලක්ෂ ගණන් පඩි, දීමනා ගන්න මේ හැතිකරය මේ රටට ඔරොත්තු දෙන්නේ නැති බව මේ ගොබිලයින්ට නොතේරෙනවා නොවෙයි මොවුන් ඇත්ත කතා කරලා මහජනයා සමග හිට ගන්නවා වෙනුවට වෘත්තීය සමිති මාෆියාවට බියෙන් රටේ ආර්ථික අභිවෘද්ධිය පාවා දෙනවා...!
මේ මෝඩ ආණ්ඩුවත් කළින් ඒවා වගේම සෞඛ්‍ය වෘත්තිකයො විතරක් තෘප්තිමත් කර කර හිටපල්ල. රටේ ආර්තිකය, නිෂ්පාදන කෘෂිකර්මය කරන වෘත්තිකයන් අඩු කුලේ කියල සලකලා රටින් යන්න ඇරපල්ල. ඊට පස්සෙ කලින් වගෙම වෙන රටවලින් ණයට කකා හිටපල්ල. ගොඩ ඒමක් නෑ. වෙන කිසිම රටක මේ වගේ වෘත්තීය භේදය නෑ. සෞඛ්‍ය වෘත්තිකයො තෘප්තිමත් කරන්න නම් මහ බංකුව එයාලට ලියල දෙන්න වෙයි. මොකද ලංකාවෙ දොස්තරල එහෙම කොච්ච්‍ර පඩි දුන්නත් සෑහීමකට පත්වෙන්නෙ නෑනෙ
නොමිලේ මෙඩිකල් කොලේජ් ගිය අය සල්ලි වලට බෙහෙත් දෙන්නේ ඇයි?
මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍යය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් පුද්ගලික ටියුෂන් සහ පුද්ගලික ඩිස්පෙන්සරි තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි .
මේ රටට ඇත්තටම නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය ලැබෙන්න නම් private tution සහ private dispensary තහනම් කරන්න. වෙනත් විසඳුම් පැලැස්තර පමණි.
"සෞඛ්‍ය සේවකයන් තෘප්තිමත්. වර්තමාන සමිති තෘප්තිමත් නැහැ, හැකි නම් වෛද්‍යවරුන්ගේ පැමිණීමේ සටහන් යොදන්න ෆවුසි මහත්තයෙගෙන් ඉගෙන ගන්න."