IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සෞඛ්‍ය වෘත්තිකයෝ අසූ පහක් පත් වෙති

(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බවද අමාත්‍යවරයා කීය.

රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව තමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, අද (28) පෙරවරුවේ පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන්  85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙකු සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිත ය. මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම ය.



අදහස් (0)

සෞඛ්‍ය වෘත්තිකයෝ අසූ පහක් පත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18076 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 17904 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 480 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 146 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site