
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන 78 වන කලාපිය කමිටුව ලබන සතියේ කොළඹදී පැවැත්වීමට තීරණය කර ඇත.
ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළ වලට එරෙහිව සටන් කිරීම මෙම සැසියේදී සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රමුඛ වේ.
ඔක්තෝබර් 13 සිට 15 දක්වා පැවැත්වෙන මෙම සැසිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාවේ 78 වන කලාපිය කමිටු සැසියයි.
අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය හදිසි අරමුදලේ සංචිතය පුළුල් කිරීම සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයට එරෙහි ක්‍රියාමාර්ග වේගවත් කිරීම පිළිබඳව සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අට්නාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොමේ ඇතුළු අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම සඳහා මෙම සැසියට සහභාගී වනු ඇත.
මෙම කලාපීය සමුළුවේදී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටළු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමටත්, පෙර වසර වල යෝජනා වල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සෞඛ්‍ය ගැන ලොකු තීරණ ගන්න ලෝක සැසියක් ලංකාවේ