
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීහු 37 දෙනෙක් සාමාජිකත්වය දරති.
මෙම කමිටුව ත්‍රෛමාසිකව රැස් වී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සහ අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමට නියමිත අතර, කමිටුව විසින් සකස් කරනු ලබන කාර්තුමය ප්‍රගති වාර්තා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරනු ඇත.
රෝග නිවාරණය, වැළැක්වීම, පාලනය සහ මූල්‍ය අංශය යන සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන අංශ ශක්තිමත් ව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා ඒකාබද්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සැපයීම, එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම ද මෙම කමිටුවේ අරමුණු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවේ සියලුම ආයතන ක්ලීන් කළ යුතුයි...
සෞඛ්‍ය සේවය ක්ලීන් කරන්න නම් ඉස්සෙල්ලාම දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයින් සියළු දෙනාටම ඇඟිලි සළකුණු සටහන් කිරීම අනිවාර්යය කළ යුතුයි. ඇඟිලි සලකුණු නොතියන්නේ ඇයි කියලා දොස්තරලාගෙන් ඇහුවාම ප්‍රසිද්ධ මාධ්‍යවලදී ඔවුන් කියන්නේ දොස්තරලා ඔක්කෝම උදේට දුවගෙන එන්නේ ශල්‍යාගාරයට කියලා. ඒ අනුව ලංකාවේ තියෙන ශල්‍යාගාර ප්‍රමාණය සහ ඉන්න දොස්තරලා ප්‍රමාණය එක්ක බැලුවොත් සෑම පුද්ගලයෙක්ම අවුරුදු දෙකකට සැරයක් සැත්කමකට ලක් වෙන්න ඕනෑ. මොන බොරුද මෙයාලා මේ කියන්නේ. අඩුම තරමේ උදේට තියන්න බැරි නම් පිට වෙන වෙලාව හරි තියන්න පුළුවන්. එහෙමවත් තියන්නේ නෑ. Extra duty, overtime කියලා ලක්ෂ ගණන් මහජන බදු මුදල් ගසා කනවා. ප්ලේන්ටියක්වත් බොන්න සල්ලි නැති මිනිස්සු ඉන්නන රටේ වසරකට බිලියන 50ක් විතර මෙවැනි අයතා විදිහට ගසා කනවා නම් කොහොමද රටක් විදිහට නැගිටින්නේ...? බහුතරයක් වෛද්‍යවරු රාජකාරී වෙලාවේත් පුද්ගලික සේවයේ යෙදෙනවා අන්තර්ජාලයෙන්ම බලාගන්න පුළුවන්. මොනවාද රජයක් විදිහට ඒවාට ගන්න විසඳුම්... ඇඟිලි සලකුණු තියන්න බැරි නම් යුද හමුදාවේ හෝ සිවිල් ආරක්ෂකයා සාමාජිකයින් සෑම රෝහලකම ගේට්ටුවලට දාන්න. කාර්ය මණ්ඩලය එන යන වෙලාව මාක් කරන්න පුළුවන්...
සෞඛ්‍ය ක්ලීන් කරන්න කලින් බහුතර දොස්තරලා අඩුම පැය අට සේවය කරනවාද කියලා බලන්න.
සෞඛ්‍ය සේවය හදනවා නම් මුලින්ම දොස්තරලාගේ ඒකාධිකාරිය බිඳින්න ඕනෑ. විශේෂයෙන් GOMA සංගමය තහනම් කළ යුතුයි. මොකද එයාලා තමයි සෞඛ්‍ය වෘත්තිකයින් වෘත්තිකයින් අතරත් ප්‍රශ්න ඇති කරන්නේ. හෙදියන්ට උපාධිය දෙනවාට විරුද්ධ වෙන්නේ... මම සෞඛ්‍ය සේවයට අකුල් හෙලන්නේ...
ක්ලීන් කරනවා... නම් ක්ලීන් කරන්න ඕනෑ ඉස්සෙල්ලාම වෘත්තීය සමිතිකාරයෝ ටික. කිසිම වැඩක් කරගන්න දෙන්නැති කාලකන්නිම පිරිසක්. එක්කෝ ස්ට්‍රයික්.. නැත්තං උද්ඝෝෂණ. නැත්නම් පුද්ගලික කඩවල්වල වැඩ. වෙලාව තිබ්බොත් රජයේ වැඩ කරනවා. පේන්නේ නැද්ද මේ දවස් වල ගොමා එකේ පට්ටියම රජයෙන් පඩි අරගෙන දේශපාලුවන්ගේ පස්සෙන් යනවා. එයාලාට රෝහල්වල වැඩ නැතුව ඇති...
ලංකාවේ දොස්තරලා බාල බෙහෙත් විද්දා. ඒකට ඒ අය ස්ට්‍රයික් කළේ නෑ. ඔවුන්ගේ වාසියට ස්ට්‍රයික් කරනවා.
දේශපාලනීකරණයක් නේද මේ කරන්නේ?
GMOA එක සුද්ද කරා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 50% ප්‍රශ්න විසඳෙනවා. GMOA එකේ ලොක්කෝ ඔක්කෝම පඩි වැඩි කරන්න කිව්වට ඉන්නේ වැඩි හරියක් නවලෝකයේ, ලංකා හොස්පිට්ල් එකේ. එවා සාධාරණද?