
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කළ අබලි වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා රුපියල් දොලොස් කෝටි අටලක්ෂ හැත්තෑහත්දහසක මුදලක් (රු120,877,000) රජයේ අදායමට බැර කළ බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.
මෙම අබලි වාහන 60න් වාහන 53ක් සාමාන්‍ය වාහන ලෙසත්, වාහන 7ක් අබලි වාහන ලෙසත්, වෙන්දේසි කරන ලද බව අමාත්‍යාංශය පවසයි.
වෙන්දේසි කළ වාහන අතර අබලි මෝටර් රථ, අබලි ත්‍රිරෝද රථ සහ අබලි යතුරුපැදි ද වූ බව සඳහන් වේ. ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ කොම්ප්ට්‍රොලර් ජනරාල්ගේ අනුමැතිය ලද වහාම ධාරිතාවය 1800 CC ට වැඩි පෙට්‍රල් වාහන සහ 2300 CC ට වැඩි ඩීසල් වාහන (ධාවන තත්වයේ) 18 ක්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට නියමිත බව සෞඛය අමාත්‍යාංශය සදහන් කරයි.
එම වාහන අපහරනය සඳහා වු තක්සේරු කම්ටුවේ සභාපති ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා හා කමිටු සාමාජිකයන් ලෙස අධ්‍යක්ෂ නිමල් දිසානායක, ගණකාධිකාරී ආර්.බී.ජී.එල්. තිලකරත්න, යාන්ත්‍රික ඉංජිනේරු සහන් පැතුම් හා මෝටර්රථ පරීක්ෂක එම්.එල්.ආර්.චන්ද්‍රබන්ඩාර යන මහත්වරුන් කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුහ හා, අබලි වාහන, ඒත් කෝටි 12ක් ලැබිලා, එතකොට මේවා ඇත්තටම අබලි වාහනද? දළ වශයෙන් එක වාහනයකට ලක්ෂ 20ක මුදලක් ලැබිලා තිබෙනවා. මෝටර් සයිකල් වටිනාකම එතරම් වෙන්නේ නැහැ. ඉතින් නියම වෙන්දේසි මිල මීට ඉහළයි. එය විදෙස් රටකින් බදු රහිතව හොඳ වාහනයක් ගන්න ප්‍රමාණවත් මුදලක්. ඉතින් කාටද මේ බොරු කරන්නේ?