IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞඛ්‍යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි


 
(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කරන බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසීය.

පසුගිය සති කිහිපයක සිට මෙලෙස අඛණ්ඩව  අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත්, එය නිවැරදි ව තීන්දු තීරණ ගැනීමට මෙන් ම ක්‍රියාකිරීමට ද මහත් බාධාවක් බවත් පැවසු ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා රජයේ සෞඛ්‍ය සේවාවන් බිද වැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකය මතුවී ඇති බැවින් මෙම කරුණූ සම්බන්ධව  පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.

 

 

 



අදහස් (3)

සෞඛ්‍යයට බොරු චෝදනා කළැයි ’’ඖෂධ ලොක්කා’’ පොලිසි යයි

Baala Baappa Thursday, 16 January 2025 02:57 PM

දැන් බාල බෙහෙත් ගේන්නේ නැද්ද මාමේ?

:       0       16

ජිල්බු Thursday, 16 January 2025 04:32 PM

බැන්නද ඔයාට? හා .. හා අඬන්නැතුව ඉන්න, හොඳ ළමයා වගේ...!

:       0       18

karolis Thursday, 16 January 2025 05:47 PM

බොරු කියලා ජනතා ඡන්ද මංකොල්ල කාපු එකට පොලිසි යන්න කෙනෙක් නැතෙයි?

:       10       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site